30/05/2026
" යශෝධරාවක්" 💗
වෙසක් සුලගට දැණෙන සීතල
එදා වාගෙම අදත් ඉවසමි
නුබේ සුවදින් පිරුණු තැන්වල
තිබුණු සෙනෙහස තනිව විදගමි
දරාගන්නට බැරිම තැනදිත්
බලා සද දෙස ඉතින් සැනසෙමි
සිනිඳු වැලිකට පිරුණු මළුවේ
නුබේ නාමෙන් පහන් දල්වමි
👉 වරා