Memory Full

Memory Full Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Memory Full, Art, .

04/09/2026
කිණිහිරෙන් බැට කකා තැලුණ පසු 'මූණූ'ගල් වගේ හයිවෙනවා,මල් වගේ 'ගෑණූ'
04/09/2026

කිණිහිරෙන් බැට කකා තැලුණ පසු 'මූණූ'
ගල් වගේ හයිවෙනවා,මල් වගේ 'ගෑණූ'

03/09/2026

ඒ තමයි ප්‍රේමය

ඔබට ඔබ වෙන්න
මට මං වෙන්න
හැකි තැනක
අපිට පුලුවන් නවතින්න

එතැන
ඔබට බැහැ

මල් පිපෙන එක නවතන්න
ඒ වර්ණ ගැන වෙහෙසෙන්න

ඒත් ඔබට පුලුවන් ඒ මල්වලට
ඔබේ රිසියට ඔබ කැමතිම
"නම්" දෙන්න

අවැසි නම් කිසිවක් නොදුටු ව සේ ඉන්න

ඔබ ඔබ වෙන්න
මට මං වෙන්න
හැකි තැනක
අපිට පුලුවන් නවතින්න 💌

31/08/2026

දුක් විඳින හිත…
හිනාවෙලා ඉන්නවා කියලා
හිත සතුටින් කියලා හිතන්න එපා…
සමහර හිනාවල් පිටුපස
කඳුළු මුහුදක්ම හැංගිලා තියෙනවා…
කෙනෙක්ට කියන්න බැරි තරම්
හිත ඇතුළේ වේදනා තිබුණත්,
“මම හොඳින්” කියලා
නිහඬවම ඉන්න හිතක් තියෙනවා…
අහිමිවීම් දරාගෙන,
බලාපොරොත්තු මියයන හැටි බලගෙන,
ආදරය කළ හිතම
දවසින් දවස තනිවෙලා යනවා…
කවුරුත් නොදකින තැනක
නිහඬවම වැටෙන කඳුළක් වගේ,
මේ හිතත් දුක් විඳිනවා…
ඒත් තාමත්
කෙනෙක්ගේ සෙනෙහසක් වෙනුවෙන්
නිහඬවම බලාගෙන ඉන්නවා… 🥀

31/08/2026

වටේ යන පිරිමි...

එක හිතකට
“ආදරෙයි” කියාගෙන,
තවත් හිතකට
ඒ වචනම හොරෙන් අරන් යන...
එක ගැහැනියකගේ ඇස්වල
තමන්ගේ ලෝකය හදනවා වගේ පෙනී,
තවත් ගැහැනියකගේ inbox එකේ
අලුත් ලෝක හොයන...
ආදරය කියන්නේ
තමන්ට ඕන වෙලාවට
කෙනෙක්ව ළං කරගන්න එක නෙවෙයි...
එක හිතක් තෝරගෙන
ඒ හිතට විතරක්
අවංකව ඉන්න එකයි.
වටේ ගිහින්
හදවත් ගොඩක් අල්ලගෙන
තමන් ජයගත්තා කියලා හිතන පිරිමියාට
දවසක තේරෙයි...
තමන්ට ලැබුණේ
හදවත් ගොඩක් නෙවෙයි,
විශ්වාස කළ හදවත්
ගොඩක් අහිමි කරගත්ත එක විතරයි...

31/08/2026

තනිකමට හුරු වූ හිතක්… 🥀
ආදරය කියන්නේ
නුඹ ළඟ සිටින මොහොතවල
සතුටින් සිනාසෙන එක විතරක් නෙවෙයි…
නුඹ දුරක ගිය පසුත්
නුඹේ මතක එක්ක
තනියම සිනාසෙන්න පුළුවන් වීමයි…
විරහව කියන්නේ
නුඹ මාව අතහැර ගිය එකම නෙවෙයි,
නුඹ නැති බව දැන දැනත්
හැම රාත්‍රියකම
නුඹේ නම හිතෙන් හෙමින් කියවන එක…
කාලය ගෙවෙනවා…
මිනිසුන් වෙනස් වෙනවා…
මතක අලුත් වෙලා
පරණ වෙනවා…
ඒත් සමහර ආදර කතා
අවසන් වෙන්නේ නෑ…
ඒවා ජීවත් වෙන්නේ
නිහඬ හදවතක
තනිකමේ කාමරයක් ඇතුළේ…
කවුරුත් නොදකින
ඒ තනිකමට
මම දැන් හුරු වෙලා…
නුඹ නැති හිස්තැන
පුරවන්න කෙනෙක් හොයනවා වෙනුවට,
නුඹ එක්ක තිබුණු මතක
හිතේ තියාගෙන
මම මගේම තනිකම
ආදරයෙන් වැළඳගන්න පුරුදු වෙලා…
මොකද…
සමහර මිනිසුන්
අපේ ජීවිතයට එන්නේ
අපිත් එක්ක ජීවත් වෙන්න නෙවෙයි…
අපේ හදවතට
ආදරය කරන්න උගන්වලා,
විරහවෙන් තනිකමට
හුරු කරවලා යන්නයි… 🖤🥀

29/08/2026

ඔයාව මුහුද මැද අතඇරලා ගියපු කාටවත්,
ඔයා මෝරුත් එක්ක සටන් කරපු විදියවත්, ඔයා ආපහු වෙරලට ආපු විදියවත් දැන ගන්න කිසිම අයිතියක් නෑ..!❤️‍🩹

29/08/2026

නුඹ නම් ආදරය...🩷

ආදරය කියන්නේ
හැමදාම ළඟින් ඉන්න එකම නෙමෙයි...
දුරින් ඉඳගෙනත්
හිතේ එකම තැනක
කෙනෙක්ව පරිස්සම් කරගන්න එකයි...
නුඹ හිනැහෙන විට
මගේ හිත නිහඬවම සැනසෙනවා,
නුඹ දුකින් නම්
මටත් නොදැනීම
මගේ හිත බර වෙනවා...
අයිතියක් නොඉල්ලුවත්,
පොරොන්දුවක් නොදුන්නත්,
කාලය කොච්චර වෙනස් කළත්
නුඹ වෙනුවෙන් උපන්
ඒ හැඟීම විතරක්
මගේ හිතෙන් මැකෙන්නේ නෑ...
සැබෑ ආදරය කියන්නේ
අත අල්ලාගෙන
ජීවිතය පුරා ඇවිදින එක විතරක් නෙමෙයි...
කොහේ සිටියත්,
කවුරුන් ළඟ සිටියත්,
“නුඹ සතුටින් නම් ඇති” කියලා
නිහඬවම ප්‍රාර්ථනා කරන
හිතක් තිබීමයි...
ඒ නිසාම...
මට නුඹව හිමි නොවුණත්
මගේ හිතේ
නුඹ වෙනුවෙන් වෙන්වුණු තැනක්
හැමදාමත් තියේවි... ❤️

29/08/2026

🔴සම්මතෙන් පිට අසම්මතෙත්
මිනිස්සු ආදරෙන් බැදෙනවා____!

සම්මතයි අසම්මතයි
කියලා නැහෑ_______!

ආදරේ කියන්නෙම ආදරේට____!

ඒත් අසම්මතේ සාධාරණීකරනය
කරන්න නම් බැහැ තමයි_______!

ඒත් මිනිස්සුන්ට
දැනෙන දේවල් වලට වැරදි
කියන්නත් බැහැ තමයි_______!

සම්මතේ නොලැබුනු ප්‍රේමය
අසම්මතේන් ලැබෙද්දී
මිනිස්සු ඒ ආදරේට වහා වැටෙනවා____!

කරපු කැපකිරීමට
වටිනාකමක් ලැබුනානම්
මිනිස්සු අසම්මත ආදරයක්
හොයන්නෙ නැති වෙන්න තිබුනා____!

ඒත් ප්‍රේමය නුඹ
වෙලාවකට හරි අසාධාරණයි____!

හොදම හමුවීම් මුනගැස්සුවේම

අසම්මතේ______!

28/08/2026

තමන්ගෙ දේවල් වැඩිපුර වටින්නෙ, අයිතිය අනුන්ගෙ උනාට පස්සේ.... 😌
Memory Full ✍️💌

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Memory Full posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your establishment to be the top-listed arts & entertainment?

Share