17/04/2020
ඇම්ඩාගෙ ජොකා
සැල්ටන් කියන්නේ, ලේසි පහසු පොරක් නෙමෙයි,මොකද..? මිනිහ ඇවිල්ල මැජික් කාරයෙක් වගේ, තමයි, අවුරුදු කාලේ කොල්ලෝ, කුරුට්ටෝ වට කරගෙන ලොකු, ලොකු , වැඩ පෙන්නලා තැන ගන්න මිනිහ කවදත් දස්සයි, මිනිහ කරන මේ අලුත් දේවල් නිසා වත්තේ කොල්ලෝ ටික මේ සැල්ටන්ට දෙයියෙක් වගේ තමයි සැලකුවේ, මිනිහ දෙන අභියෝග වලින් මිනිහ පරාද කරන්න වත්තේ කිසි එකෙක්ට බෑ.එකෙන්ම මිනිහ එක්ක හැරෙන්න වත් බෑ.
දවසක් සැල්ටන් කොල්ලෝ වට කරන් එක, එක සෙල්ලම් දානවා, ඒ ගමන් පෙට්ටියක් දීලා, කොල්ලෙක්ට කියනවා, "මේක ඇතුළේ තියෙන්නේ මොකක්ද? කියලා හරියට කිව්වොත්, මම උඹට රු.50/= ක්, දෙනවා, වැරදුනොත් උඹ මට රු.50/= ක්, දෙන්න ඕන." ඉතින් ඔය සුස්තර වලට සැල්ටන් කාරයා පරාද කරන්න බැරි, වත්තේ කොල්ලෝ රු.50/= දීලා නිකං ඉන්නවා, ඔය විදියට මිනිහගෙ ගැරිල්ල යන කොට, ඔන්න මිනිහ දැන් සෙල්ලම මාරු කරනව,සැල්ටන් කියනවා " ඔන්න දැන් පුළුවන්නම් , උඹලා ඕනෑ එකෙක් මට කරන්න බැරි, නැත්තං හිතලා උත්තර දෙන්න බැරි දෙයක් මගෙන් අහපන්, මට වැඩෙ බැරි වුණොත් මේ සල්ලි ඔක්කෝම දිනන එකාට දෙනවා. නැත්තං මේ සල්ලිත් මගේ, පරාද වෙන එකා මට රු.20/= ක් දෙන්න ඕන" කියලා. අතේ තියෙන ඉතුරු ගාණටත් කෙළ වෙන්න යන නිසා කොල්ලෝ කවුරුත් ඉදිරිපත් වෙන්නේ නෑ, බලන් , ඉඳලා බැරි තැන, සැල්ටන්ම කොල්ලෝ අතරින් එකෙක්ව තෝරා ගන්න බව කිව්වා. ඉන්න එවුන් ටික පස්සට, පස්සට වෙවි ඇම්ඩාව ඉස්සරහට දැම්මා, සැල්ටන්, ඇම්ඩාට කියනව " හොඳයි, එහෙනම් උඹ මගෙන් ඕන එකක් අහපන්, නැත්තං මම අහනවා, " ඇම්ඩා කොර වෙන්න යන්නේ, අහස- පොළව මූට්ටු කරන්න තරම් බරපතල කල්පනාවට වැටුණු ඇම්ඩා , හිතලා, හිතලා, ඔළුවට ආපු හොඳ එකක් සැල්ටන් ගෙන් ඇහුව. "රායිට්, සැල්ටන් බ්රෝ..., උඹ දැන් ඇඳන් ඉන්න ජොකාගෙ, පාටයි, බ්‍රෑන්ඩ් එකයි, මම හරියටම කිව්වොත්...! උඹ මට ඔය සල්ලි දෙන්න ඕන...!බැරි වුණොත් මම මගේ සල්ලි දෙනවා, අවුලක් නෑ , හරි...?? " සැල්ටන් කාරයත් වැඩේට එක පයින් කැමති වුණා,මොකද ...? ඌ ඇඳන් ඉන්න ජොකාගෙ, පාටයි, බ්‍රෑන්ඩ් එකයි, ගැන ඌ විතරයිනේ දන්නේ , ඒ නිසා.දෙන්න ගේමට බැස්සා,
• සැල්ටන්:- හා , එහෙනම්, කියාපන් බලන්න , මගේ ජොකා මොන පාට ද? බ්‍රෑන්ඩ් එක මොකක්ද ?
• ඇම්ඩා :- උඹේ ජොකා, නිල් පාටයි, බ්‍රෑන්ඩ් එක රිබොන්ඩ් කියලා ගහල තියෙනවා, අනික ඕක සුමාන දෙකකින් මෙහා හෝදලා නෑ, දාර කට්ට කළුයි, බලහන්, බොරු ද...? කියලා..,
සැල්ටා ෆූල් හොල්මන්.....! බැලින්නන්...!! කතාව සහතික ඇත්ත. ඇම්ඩාට පදිරි වුණ සැල්ටන් සල්ලි ඔක්කොම දීලා මාරු වුණා. වත්තේ කොල්ලන්ට මේක ලොකු පුදුමයක්, සැල්ටව පට්ට පදිරි කරලා නෝන්ඩි කරන්න පුළුවන් වුණේ මුළු වත්තේන්ම අපේ ඇම්ඩා කොල්ලට විතරයිනේ, දැන් ඔය කොල්ලෝ ටික අතරේ ඉන්න හිල්ටන් හැමදාම සැල්ටන්ට පරාද වෙන අජූතම ඩයල් එකක්. මේ සිද්ධිය නිසා හිල්ටන් ෆූල් හැපි ඒකෙන් ඉන්නේ. හිල්ටා ඇම්ඩාගෙන් සීන් ඒකෙ විස්තර අහනවා "ඒ.., කොහොමද .? ඒම, උඹ හරියටම කිව්වේ..? සුපිරි කොල්ලෝ, සුපිරි , මචං, හෙටත් ඔය වගේ අරුගෙ මොකක් හරි, එකක් හරියට කියලා, අපේ ඉතුරු සල්ලි ටිකත් ගමු, ඇ...!!" කියලා, ඇම්ඩා ඒ පාර වැඩෙට කැමති වෙන්නේ නෑ, ඉතින් හිල්ටා, ඇම්ඩාට බල කර, කර, කියනවා, කොහොම හරි සැල්ටන්ට ගේමක් දෙන්න කියලා,
• හිල්ටන් :- ඇයි...,? බං බෑ, කියන්නේ...!!අද කිව්වා වගේ හෙටත් හරියටම කියපන්, උඹ ඔය අද කිව්වේ...!
• ඇම්ඩා :- බෑ, බෑ.....!! මේ හෙට තියා ආයෙ කවදාවත් නම් මට බෑ.......!
• හිල්ටන්:- ඒ මොකද...? බං, ඒ.. ඒම කියන්න එපා බං, කරමු, කරමු.., ඇ....., දිගටම, එළ නේ....! 👍 එළ ඇ...!
• ඇම්ඩා :- යකෝ.., උඹ මට කියන්නේ, සැල්ටා හැමදාම උඹේ ගෑනි එක්ක බුදියගෙන ඉවරවෙලා උඹ ගෙට එන වෙලාව බළලා හදිස්සියට මගේ ජොකා ඇඳගෙන යනකං, මට ඇඳ යටට වෙලා ඉන්න කියලා ද ...???