Paragoda Kithulagoda KV

Paragoda Kithulagoda KV Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Paragoda Kithulagoda KV, Paragoda, Bulathsinhala, Bulatsinhala.

පින්බර වෙසක් මංගල්‍යක් වේවා ! 😊🙏
30/05/2026

පින්බර වෙසක් මංගල්‍යක් වේවා ! 😊🙏

බප/හො/ පරගොඩ කිතුලගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ සිසු දරු දැරියන් විසින් පළමු වරට සංවිධානය කරන කඩල දන්සැල 2026 ජුනි මස 01 වන සඳුද...
28/05/2026

බප/හො/ පරගොඩ කිතුලගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ සිසු දරු දැරියන් විසින් පළමු වරට සංවිධානය කරන කඩල දන්සැල 2026 ජුනි මස 01 වන සඳුදා දින උදෑසන 9:00 සිට පරගොඩ වෙලේ කඩේ අසලදී පැවැත්වේ.

ප්‍රදේශවාසී ඔබ සැමට ආරාධනා...

#කඩලදන්සැල

පරගොඩ කිතුලගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමන්ගේ, ආචාර්ය මණ්ඩලයේ හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සුභාශිංසන !          ...
16/02/2026

පරගොඩ කිතුලගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමන්ගේ, ආචාර්ය මණ්ඩලයේ හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සුභාශිංසන !

අදෘශ්‍යමාන බලවේගයකින් පාලනය වන පරගොඩවිදුහල්පතිතුමන් විසින් තමන්ට නැති බලයක් ආරෝපණය කර ගනිමින් නිකුත් කර ඇති චක්‍රලේඛයක් ...
04/02/2026

අදෘශ්‍යමාන බලවේගයකින් පාලනය වන පරගොඩ
විදුහල්පතිතුමන් විසින් තමන්ට නැති බලයක් ආරෝපණය කර ගනිමින් නිකුත් කර ඇති චක්‍රලේඛයක් 😉 | 01/2026/ PKKV / PRASAD U

විදුහල්පතිතුමියනි,
බප/හො/ යටගම්පිටිය ක.වි
යටගම්පිටිය,
බුලත්සිංහල

2026.01.06

ඉහත සඳහන් අයුරින් කරුණු දක්වා නිකුත් කර ඇති ලිපිය මෙමඟින් අවලංගු කරන බවත් සඳහන් කරමින් දැනට සිසු සංඛ්‍යාව 50 ට අඩු පාසලක් වශයෙන් පාසල් ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියට නම් කර ඇති නිසාත්, එසේම 05 ශ්‍රේණිය පන්තියක් හා ඒ සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ ගුරු භවතෙකු නොමැති හෙයිනුත්, තව ද හර විෂයයක් වන ඉතිහාසය විෂයය ඉගැන්වීමට අදාළ ගුරු භවතෙකු නොමැති බැවිනුත් ඔබ පාසලෙන් කිසිඳු හේතුවක් නිසාවත් බප/හො/ පරගොඩ කිතුලගොඩ කනිටු විදුහලට ඇතුළත් කිරීමට දෙමාපියන් හෝ භාරකරුවන් පැමිණ ශිෂ්‍ය කාර්ය දර්ශනය ඉල්ලා සිටියත් නිකුත් නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

උපුටාගැනීම අවසන්...

31/01/2026

2026 වර්ෂයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේ සමාරම්භක උත්සවය - Special Events | 29 th of Jan 2026

2026 වර්ෂයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේ සමාරම්භක උත්සවය පසුගිය (29) දා සාර්ථකව පැවැත්විණි.2026 වර්ෂයේ පළමු ශ්‍...
31/01/2026

2026 වර්ෂයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේ සමාරම්භක උත්සවය පසුගිය (29) දා සාර්ථකව පැවැත්විණි.

2026 වර්ෂයේ පළමු ශ්‍රේණිය සඳහා ශිෂ්‍යයින් තිදෙනෙක්, ශිෂ්‍යාවන් සිව්දෙනෙකු පාසලට ඇතුළත් වූ අතර අතරමැදි ශ්‍රේණි සඳහා ශිෂ්‍යාවන් දෙදෙනෙකු ඇතුළත් විය. ඒ සමග පාසලේ සමස්ථ ළමුන් ප්‍රමාණය 50 සීමාව ඉක්මවිය.

වසර ගණනාවක් පාසලේ විදුහල්පති ලෙස කටයුතු කළ ශ්‍රී කාන්තා කොබවක ගුරුතුමිය, විද්‍යාව විෂය භාරව කටයුතු කළ කල්‍යාණී සමරසුන්දර ගුරුතුමිය හා ස්වෙච්ඡා ගුරුවරයෙකු ලෙස ගණිතය විෂය භාරව වසර 10 කට වඩා වැඩි කාලයක් සේවය කළ සරත් අමරතුංග මහතා ආරාධිතයින් ලෙස සහභාගි විය.

මෙම අවස්ථාවට පාසලේ ගුරුවරුන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන්, දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

2026 වර්ෂයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම - Special Events | 29 th of Jan 2026                ゚
30/01/2026

2026 වර්ෂයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම - Special Events | 29 th of Jan 2026

හෙට දවසේ සිහින හඹා යන පුංචි හපන්නු ❤️📚The admission of students to Grade One at WP/HR/ Paragoda Kitulagoda Kanishta Vidy...
29/01/2026

හෙට දවසේ සිහින හඹා යන පුංචි හපන්නු ❤️📚

The admission of students to Grade One at WP/HR/ Paragoda Kitulagoda Kanishta Vidyalaya took place today (29th). A total of seven students were admitted to the school, and two students were also admitted to intermediate grades.

Accordingly, the total number of students in the school has increased to 51

බප/හො/ පරගොඩ කිතුලගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ 2026 වර්ෂයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම අද (29) දින සිදුකෙරුණා. ශිෂ්‍ය ශිෂ්‍යාවන් 07 දෙනෙකු පාසලට ඇතුළත් වූ අතර අතරමැදි ශ්‍රේණි සඳහා ද සිසුන් දෙදෙනෙකු ඇතුළත් විය.

ඒ අනුව පාසලේ ළමුන් ප්‍රමාණය 51 ක් දක්වා වර්ධනය විය.

Address

Paragoda, Bulathsinhala
Bulatsinhala
12302

Alerts

Be the first to know and let us send you an email when Paragoda Kithulagoda KV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share