24/08/2026
වචන... ජීවිත හදන සහ කඩන ආයුධයයි❤️🩹✨
සිංහල හෝඩියේ අකුරු, සිංහල භාශාවේ වචන
හරිම අමුතු සංකල්පයක් නේද?
අකුරු එකතුවෙලා වචන වෙනවා.
ඒ වචන වලින් මනුස්සයෙක් හදන්නත් පුළුවන්, කඩන්නත් පුළුවන්.
වචනයක් = පහන් පත්තු කරන ගිනිපෙට්ටියක් වගේ.🕯️
හරි තැනක පත්තු කලා නම්, ජීවිතේ ආලෝක වෙනවා.
වැරදි තැනක දැම්මොත්, මුළු ජීවිතේම අළු වෙනවා.
අපි හිතන්නේ නැතුව කියන වචන 3කින්,
කෙනෙක්ගේ හීන වලට තිත තියන්නත් පුළුවන්.
ඒ වගේම තවත් වචන 3කින්,
ජිවිතේ වැටුණු කෙනෙක්ව ආයෙත් නැගිටවන්නත් පුළුවන්.
වචන කියන්නේ මලක් වගේ 🌸
හොඳට පරිස්සමට අතගෑවොත් සුවඳ දෙනවා.
හයියෙන් මිරිකුවොත් මැරෙනවා.
වචන කියන්නේ බෙහෙතක් 💊
සමහර වේලාවකට තුවාල වලට හොඳම ඔසුව.
සමහර වේලාවකට ඒකම තුවාලෙ වෙන්නත් පුලුවන්.
අපි කතා කරන හැම වචනයක්ම
කෙනෙක්ගේ ආත්ම විශ්වාසෙට, ආත්ම ගරුත්වෙට හරියට බලපානවා.
හරියටම වැඩෙන ගහක් වගේ.
කුඩා දරුවෙක් බුද්ධිමත් මනුස්සයෙක් වෙනකන්
අපි දෙන වචන තමයි පාර කපන්නේ.
ඉතින් යාළුවනේ...
අපි වචන වලට පණ දෙමු.
අපේ වචන වලින් තව කෙනෙක්ගේ ජීවිතේ
ලස්සනට ආලෝක කරමු ❤️
මොකද වචන කියන්නේ, මනුස්සයාගේම කොටසක්.
කතා කරන කලින් හිතන්න.
ඔයාගේ වචන වලින් කෙනෙක් ජීවත් වෙන්නත් පුළුවන්, මැරෙන්නත් පුළුවන් නේද කියලා.
Movee Thinks. 😌
#වචන #ජීවිතය