07/08/2026
ශ්රී ලංකා පොලිසියේ රථවාහන භාර නිලධාරීන් සහ මාර්ග ආරක්ෂණ මෙහෙයුම් සඳහා නිකුත් කර ඇති සම්මත මෙහෙයුම් පටිපාටියට පටහැනි වන ආකාරය.
සම්මත මෙහෙයුම් පටිපාටිය උල්ලංඝනය කිරීම:
පොලිස් අණ නොසලකා හරින වාහනයක අංකය සටහන් කරගෙන ඉදිරි මාර්ග බාධක වෙත දැනුම් දීම සහ මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ (RMV) දත්ත පද්ධතිය මගින් වාහනයේ ලියාපදිංචි අයිතිකරුගේ ලිපිනය සොයා අධිකරණයට කැඳවීම් වෙනුවට, පාර හරස් කර අනතුරුදායක ලෙස නැවැත්වීමට උත්සාහ කිරීම.
සමානුපාතිකත්වයේ න්යාය කඩකිරීම:
හිස්වැසුම් නොමැතිව ධාවනය කිරීම වැනි සුළු රථවාහන වරදකට, මිනිස් ජීවිත අනතුරේ හෙළන සුළු දැඩි හා අවදානම් සහගත ක්රියාමාර්ගයක් ගැනීම.
මාර්ගයේ කෘතිම බාධක නිර්මාණය කිරීම:
පාර හරහා වාහනයක්/බයික් එකක් දැමීම මගින් ගමනාගමනයට සහ පාරේ සිටින අයට ක්ෂණික අනතුරු අවදානමක් කෘතිමව නිර්මාණය කිරීම.
මහජන ආරක්ෂාව පිළිබඳ නෛතික වගකීම පැහැර හැරීම:
රාජකාරියේදී වටපිටාවේ සිටින සාමාන්ය ජනතාවට හානියක් නොවන සේ ක්රියා කිරීමට ඇති නීතිමය වගකීම පැහැර හරිමින් පාරේ සිටි තැනැත්තා අනතුරට ලක්වීම.
සම්මත රථවාහන සංඥා අනුගමනය නොකිරීම: රියදුරෙකුට වාහනය ආරක්ෂිතව නැවැත්වීමට ප්රමාණවත් ඉඩක් සහ කාලයක් නොදී හදිසියේ පාර හරස් කිරීම.
දණ්ඩ නීති සංග්රහය උල්ලංඝනය කිරීම
327, 328 සහ 329 යන වගන්ති යටතේ අන් අයගේ ජීවිතයට සහ පෞද්ගලික ආරක්ෂාවට තර්ජනයක් වන ලෙස නොසැලකිලිමත් ලෙස ක්රියා කර තුවාල සිදුකිරීම.
මූලික අයිතිවාසිකම් කඩකිරීම: ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 11 වැනි වගන්තිය (අමානුෂික/අවමානකාරී සැලකිලිවලින් නිදහස් වීමේ අයිතිය) සහ 12(1) වගන්තිය (නීතිය ඉදිරියේ සමාන ආරක්ෂාව ලැබීමේ අයිතිය) උල්ලංඝනය කිරීම.
කොල්ලන්ගේ වැරදි,
හිස්වැසුම් නොමැතිව ධාවනය කිරීම:
පොලිස් අණ නොසලකා හැරීම.
නොසැලකිලිමත් සහ ප්රවේශම් රහිත ධාවනය.