08/01/2024
🙏🙏🇰🇷🇰🇷අවධානය පිණිසයි🇰🇷
🇰🇷විශේෂ දැනුවත් කිරීම🇰🇷
කොරියානු සිහිනය සැබෑවක් කරගන්නට නම් කර ගන්නට නම් අප අනුගමනය කළ යුතු කරුණු කිහිපයක් තියෙනවා
🇰🇷පළවෙනි කරුණ නම් E-9 වීසා ක්‍රමය යටතේ විදේශගතවීම(නුපුහුණු ශ්‍රමිකයන් ලබා ගන්නා ක්‍රමය)
🇰🇷දෙවන ක්‍රමය නම් E-7 වීසා ක්‍රමය යටතේ විදේශගතවීම(පුහුණු ශ්‍රමිකයන් ලෙස විදේශගත වීම)
🇰🇷student visa යටතේ විදේශගත වීම
මේ ක්‍රම තුනට හැරෙන්නට වෙන කිසිම ආකාරයකින් කොරියානු ගතවීමට අවස්ථාවක් නොමැත.
🙏E-9 වීසා යටතේ කොරියාවට යන පුද්ගලයෙක්ට කොරියානු මානව සම්පත් ආයතනය මගින් පවත්වන Eps-topik විභාගය(ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා)සමත්වීම තුළින් එම විභාගයේ අධිර කීපයකට පසුව ඔවුන් කොරියානු රැකියාවක් ලබාගැනීම සඳහා සුදුසුකම් ලබනු ඇත.එහිදී කොරියානු මානව සම්පත් ආයතනය වෙබ් අඩවියේ Eps-topik විභාගය සමත් ම ලැයිස්තු ගත කරනු ඇත ඉන් අනතුරුව ම තෝරාගනු ලබන විභාගය සමත්ව ලැයිස්තුගත කරන ලද පුද්ගලයන් කොරියානු ආයතන අයිතිකරුවන් විසින් තෝරා ගනු ලබයි.මෙය පළමු ක්‍රමයයි
🇰🇷දෙවන ක්‍රමයෙන් ලෙස E-7වීසා යටතේ කොරියානු ගතවීමට හැක්කේ වෘත්තිය පළපුරුද්දක් ඇති පුද්ගලයන් සඳහායි(මේ සඳහා යොදා ගනු ලබන්නේ ඉදිකිරීම් අදාළ නැව් කර්මාන්තශාලා සඳහායි)වෑල්ඩින් තනතුර සඳහා විදේශයවා නියුක්ති නියුක්තිකාරාංශයේ විධිමත් අධීක්ෂණය යටතේ සිදු කරනු ලබයි
🇰🇷 තුන්වෙනි ක්‍රමය ලෙස ශිෂ්‍ය වීසා යටතේ කොරියානුගතවීමට හැක මෙයද අවුරුදු 20-28 අතර මෙයද විදේශයවා නියුක්තිකාරංශය මගින් අධීක්ෂණය යටතේ සිදු කරනු ලබයි
මේ ඉහත කියන ලද සියලුම කරුණුසැලකිල්ලට ගනිමින් තැරැව්කරුවකු හෝ ඔබ කොරියානුගත කරනු ලබන බව පවසා වංචිනව මුදල් උපයා ගන්නා ආයතන රැසක් ඇති බැවින් එය පිළිබඳ විමසිලිමත් වන්න.කොරියානුගත වීම නීත්‍යානුකූලව සිදුවන අතර ඒ සඳහා තැරැල්කරුවන් ,විදේශ ඒජන්සි ලංකාවේ නොමැත.ඔබගේ සමීපතයන් හට මේ පිළිබඳ දැනුවත් කරන්න
🇰🇷ස්තුතියි🇰🇷🇰🇷🇰🇷🙏