18/08/2025
ඔයාගෙ තුරුලෙ මට මං හොයපු නවාතැන හම්බුනා ! ❤️
නවාතැන කියන්නෙ තැනක් නෙවෙයි, හැඟීමක් කියලා ඔයා මට ඔප්පුකරලා පෙන්නුවා. ඒක ඕනම විදියකට අපට දැනෙන්න පුලුවන්. හිත දන්න සුවඳක්, අපි ආසා දෙයක් නැත්තන් ඒ අපි ආදරේ කෙනෙක් වෙන්නත් පුලුවන්.
මේ ලෝකෙ හැමෝටම තමන්ගෙම කියලා නවාතැනක් තියෙනවා. ඒක කෙනාගෙන් කෙනාට වෙනස්. මටනම් මගෙ නවාතැන ඔයා. ඔයාව හම්බුන දවසෙ ඉඳන් අද වෙනකල්ම ඒක එහෙමයි.
මට මුලින් තේරුනේ නැතත්, දැන් අපි එකට හිටපු කාලෙ දිහා ආපහු හැරිලා බලනකොට මට තේරෙනවා මගෙ නවාතැන ඔයා කියලා. ඉතින් ඔයා මට සදහටම ඉන්න ඕන තැන, මගෙ ජීවිතේ අන්තිම නවාතැන ! ❤️
___________________________________