UMFN culture center

UMFN culture center Research for sri lanka old society and culture 🇱🇰

02/01/2026

" සොබාදහමේ විතරාගී බව ආත්මයෙන් ම ස්පර්ෂ කරන්න "

_ ශ්‍රී පාදය 🍂

“අද ලෝකයෙහි පාරමී ශක්තිය ඇති උසස් පුණ්‍ය ශක්තීන්ගෙන් යුතු අය නැතුවා නොවේ. එවන් පාරමී බල දියුණු කළ, පුණ්‍ය ශක්තියෙන් යුතු...
31/12/2025

“අද ලෝකයෙහි පාරමී ශක්තිය ඇති උසස් පුණ්‍ය ශක්තීන්ගෙන් යුතු අය නැතුවා නොවේ. එවන් පාරමී බල දියුණු කළ, පුණ්‍ය ශක්තියෙන් යුතු නිසා තමයි මේ වගේ සාසනයක් තියෙන කාලෙක පහළ වෙන්නේ. ඒ අතර විවිධ මට්ටම් වල අය ඉන්නවා. අතීතයෙන් ආපු ඒ වාසනා ශක්ති මතු කර ගත්තොත් එයින් ලොකු වැඩක් ගන්න පුළුවන්.”

-----නා උයන ආරණ්‍ය සේනාසනාධිපති,
අතිපූජනීය අඟුල්ගමුවේ අරියනන්ද මාහිමිපාණන් වහන්සේගේ ප්‍රකාශයක්-----

#අඟුල්ගමුවේ_අරියනන්ද_ස්වාමීන්_වහන්සේ

#භාවනාව #බුදුදහම #නිවනට_මාර්ගය

21/12/2025

" සොබාදහමට ඇහැම්කම් දෙන මනුෂ්‍යා තමන්ගේ මනසටත් ඇහුම්කම් දීමට ඉගෙන ගනී."

_ ලාඕ සූ 🍂

18/12/2025

" සන්සුන් බව යනු,සරල සොබාදහම තුල විශාල අර්ථයක් දකිනා හැකියාවයි."

_ ඔකාකුරා කකුසෝ
The book of tea 🍂

| යෝග භාවනාවෙන් දුටු තවුතිසාවේ උයනමනුෂ්‍යයාගේ සිත අධ්‍යාත්මීක වශයෙන් දියුණු කිරිමෙන් ලෝකයේ සැගවුණු බොහෝ දේ ගවේෂණාත්මක සො...
17/12/2025

| යෝග භාවනාවෙන් දුටු තවුතිසාවේ උයන

මනුෂ්‍යයාගේ සිත අධ්‍යාත්මීක වශයෙන් දියුණු කිරිමෙන් ලෝකයේ සැගවුණු බොහෝ දේ ගවේෂණාත්මක සොයාගත හැක.එසේම සාමන්‍ය ලෝකයට නිරාවරණය නොවු අවස්ථාවන් පවා එමගින් දැකගැනීමේ,දැනගැනීමේ සහ ශ්‍රවණය කිරිමේ හැකියාව පවතී.

කුණ්ඩලීනී යෝග භාවනාව ගත් කල එය විවිධ පරාසයන් ඔස්සේ විහිදි යන්නකී.මෛත්‍රී භාවනාවත්,ආනාපානසති භාවනාවත් තුලින් කුණ්ඩලීනී යෝගයේ විශාල වපසරියක් අධ්‍යාත්මීක මනසට ආවරණය කර දෙයි.එසේම ඉහල චක්‍ර දෙකට යන විට අපට අප තුලින්ම දේවල් සොයාගෙන කිරිමට සිදු වේ.එසේ කුණ්ඩලීනී යෝග භාවනා තුලින් * තුසිත දිව්‍ය තලයේ කුඩා කොටසක් ආවරණය කල අවස්ථාවක් ගැන තමා අද මෙහි සදහන් වෙන්නෙ.

කුණ්ඩලීනී යෝග භාවනාව වඩනකොට අපේ සිත විවිධ ආකාර තුල ඉතා වේගයෙන් ගමන් කරනවා.ඒවා
- මායා
- ප්‍රාණ
- බෝධි
- සුන්‍ය ලෙසින් හදුන්වනවා.

මායා ව තුල තමයි සිත වේගයෙන් ම ගමන් කරන්නෙ ඒ තුල විවිධ පාට සහ රූපක මවවින් අපේ සිත සිතා ගත නොහැකි තරම් වේගයෙන් විවිධ වු මායාවන් තුල රැගෙන යනවා.අවසානයේ අපේ මනස සුන්‍ය කියන තැනට ආ විට එතැන් පටන් අපට ප්‍රාර්ථනා කරන ඉසව් බැලිමේ හැකියාව වගේඅ අධ්‍යාත්මීකව ඉතා හොද චිත්ත ශක්තීයක් ලැබෙනවා.

* එසේ නම් අපි බලමු තුසිතයේ දැකපු දේවල් මොනවද කියලා ?

01.තුසිත දිව්‍ය තලයට අනුව දුටු ස්ථානය වුයේ එහි උයනක්.

02. එහි වර්ණය වුයේ ලා රතු පැහැය.මුළු දිව්‍ය තලයෙම එවැනී වර්ණයකින් තිබුනේ.එය හිරු බෑස යන විට අහසේ ගන්න ලා රතු පැහැයට සමාන පැහැයයි.

03.උයන මධ්‍යයේ ඉතා පරිශුද්ධ ජලය උඩට මතු වෙන රවුම් පොකුණක් තිබුණා.

04.සුදු පාට පරවියන්ට සමාන නමුත් තරමක් විශාල කුරුල්ලන් එම උයනේ වුනා.

මේක නම් හොදම දර්ශනය 👇

05.ඒ උයන තුල සිටි දිව්‍ය දෙවගනන් සහ දෙවියන්ට අපට වගේ වස්ත්‍ර තිබුණේ නැහැ.

එසේම ශරිරයේ කිසිදු අවයවයක් දකින්නට තිබුණේ නෑ.සම්පුර්ණයෙන් පිරිපුන් වු ශරිරයි ඔවුන් දැරුවේ.

ශරිරයන් උස උනු අතර ශරිරයේ ප්‍රසන්න හැඩය කලාත්මක ස්වරූපයක් ගත්තා.

දිව්‍යාංගනාවන්ගේ කොණ්ඩය බොහෝ දිගුයි.ඔවුන්ගේ සිත් කාමුක සිතුවිලි වලින් පාලනය වු ඒවා.

ඔවුන් කතා කරන්නෙ මනසින් පමණයි.

තරමක් විශාල ඇස් තිබුනු අතර ඔවුන් විතරාගී අමීස සුවයක් විදින බවක් දැනුනා.

______________________________________________

කල යුතු දේ නිවැරදි කිරිමෙන් සහ තමාට ම තමාව නිවැරදි කරගන්න ඉඩ දීමෙන් අපට පුළුවන් නොදුටු ඉසව් ඔස්සේ යා හැකි නිදහස් සරන්නෙක් වෙන්න.ඉතින් මේ ලෝකය ඔබටත් අයිති.සොබාදහම ඔබව ජිවත් කරන්නෙ ඔබෙන් යහපත මේ ලෝකයට වෙයි කියන දැඩි බලාපොරොත්තුවෙන් යුක්තවයි.ඒ නිසා ලෝකයට බර නැති ආත්මයක් සහ ජිවිතයක් දරන්න.🍃

17/12/2025

| විශ්වය තමා ව දැන ගැනීමේ මාර්ගය කියා දේ

_ කාරල් සෙගන්

| සොබාදහමේ සුවය ලගා කරන වල්ලි මාතාසොබාදහම ගැන කියනකොට  මට ඉස්සරලාම  මතක් වෙන්නෙ ඉන්දියානු වංග ලේඛකයෙකු වන විභූතිභූෂණ ලිය...
16/12/2025

| සොබාදහමේ සුවය ලගා කරන වල්ලි මාතා

සොබාදහම ගැන කියනකොට මට ඉස්සරලාම මතක් වෙන්නෙ ඉන්දියානු වංග ලේඛකයෙකු වන විභූතිභූෂණ ලියපු චින්තා ලක්ෂ්මී සිංහආරච්චි විසින් සිංහලයට පරිවර්තනය කරපු " අරණකට පෙම් බැද "කියන විශිෂ්ට සාහිත්‍ය ග්‍රන්ථය.එහි ලියන්නා විසින් සොබාදහම ගන්නා අලංකාර පැතිකඩයන් තොරතොංච්චියක් නැතුව වර්ණනා කරලා තියෙනවා.ඒ වර්ණනා අතර රාත්‍රීයට එළි බහින වන දේවගනන්ගේ අපුර්වත්වයත් ඒ රසය තුලින් පාඨකයා වෙත කියවීමේ කුතුහලය ඇති කරන්නටත් සමත් වෙනවා.

අද අපේ මාතෘකාවත් එවැනීම රසවත් එකක්.මිත්‍යාවට වඩා දේවල් සංස්කෘතිකමය ලෙස ගතහොත් එහි විදින්නට සහ සොයන්නට දෙයක් අපට ඉතුරු වෙනවා.ඒ නිසා අපි සොයාගෙන යමු.

කදුසුරිදුගේ ඥාණමාර්ගයට ආදාලව හෝ උන් වහන්සේගේ අධ්‍යාත්මීක සිතුවිලී ස්පර්ශ කල කෙනෙකුට හෝ උප්පත්තියෙන්ම අධ්‍යාත්මීක චිත්ත මනසක් ලැබී එය කදසුරිදුට ආදාල අධ්‍යාත්මීක පැතිකඩට සමාන කෙනෙකු නම් අන්න ඒවැනී අයට දැනෙන සොබාවික අධ්‍යාත්මීක සුවයක් තමා මේ වල්ලි මාතා දෙවගනගේ අශිර්වාදය.

මේ අශිර්වාදයෙන් හැකියාව ලැබෙනවා මනුස්සයාට සොබාදහම සමග තමන්ගේ ආත්මය සම්බන්ධ කරගෙන එහි ඇති නිරාමීස සුවය විතරාගී විදිහට විදින්න.එය වල්ලි මාතාවගෙන්ම නෙවේ අධ්‍යාත්මීක වශයෙන් දියණු කෙනෙකුට සොබාදහම හා සම්මුඛ වෙන්න පුළුවන්.මං මේක ලියන්නෙ වල්ලි දෙවගන හා සම්බන්ධ කරමින් අධ්‍යාත්මීක පැතිකඩකින් නිසා වෙනත් දේ ගැන පසුවට සදහන් කරන්නම්.

වල්ලි මාතා දෙවගන මේ රූප වලට අනුව කොළ පාට රූපයකින් නම් නෙවෙයි ඉන්නෙ.ඇය ඉන්නෙ තළෙලු පාටට සමාන රූපයකින්, ඉතා පාරිශුද්ධයි.

ඇගේ සිතුවිලි වල අශිර්වාදයෙන් කෙනෙක් සොබාදහම හා සම්බන්ධයක් උනොත් ඔහු හෝ ඇයට සොබාදහමෙන් ම ප්‍රබල ආරක්ෂාවක් ලැබෙනවා.එසේම සතුන්ගේ ආකර්ශනයක් ඒ කෙනාට හිමි වෙනවා.සතුන්ට වෙදකම් කරන්න වෙදකම පිහිටනවා.

වල්ලි මාතා ව කියන්නෙ සරලව කිවොත් ඉතා නිහතමානී මිතුරියක් සේ සලකන්න පුළුවන් කෙනෙක්.ඇය හා අධ්‍යාත්මීක සම්මුඛ විමෙන් පවා දැනෙන්නෙ හරිම සැහැල්ලු බවක්.

කද සුරිදුගේ ඥාණ මාර්ගයේ යන නිවැරදි බැතිමතුන්ට ඇය ගෞරව කරනවා.එසේම ඇගේ අශිර්වාදයත් නොමදව ලබා දෙනවා.

බොහෝ විට වන දෙවගනක් ලෙස පෙනී සිටින වල්ලි මාතාව යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයට නම් ලොකු ඉදිරිපත් වීමක් වෙන්නෙ නැ.නමුත් ඕනෑම කෙනෙකුගේ යහපත් සුබ ප්‍රාර්ථනාවන් ඉෂ්ට කර දෙන්න ඇය ඉදිරිපත් වෙනවා.කතරගම,සෙල්ල කතරගමට අමතරව වෙනත් ස්ථාන වලටත් එතුමියගේ දෙවොල් තිබෙනවා.එසේ තිබුනත් ඇය බොහෝ විට සම්බන්ධ වෙන්නෙ චිත්ත ප්‍රාර්ථනා වලින්ම පමණයි.
______________________________________________

🌻🍃🍂🌱

15/12/2025

" ඔබේ ගැටළු ඔබේම ගැලවීම කරගන්න.දිනක එය ඔබේ ජිවිතේ ඔබ විසින් කල ශ්‍රේෂ්ඨතම ක්‍රියාව වී තිබේවී."

Video - copied

12/12/2025

" නිවැරදි සිහියෙන් යුතුව කටයුතු කරන්න.එය ඔබේ ඉදිරිය බොහෝ යහපත් කරයි."

12/12/2025

" ජිවිතේ යහපත් යමක් කරද්දී නින්දා අපහාස ලැබුණත්,පසුව එය ශුභාශිංසනයක් වෙනවා.එයයි යථාර්ථය.නිවැරදී යැයි හැගෙන දේත් නොසැලකිල්ලක් ගැබ් වෙනවා.කණගාටුවෙන් පැවසුවත් එයත් සාවද්‍යයි."

| jewel in the palce

Address

Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when UMFN culture center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share