සිනෙරූ - Sineroo

සිනෙරූ - Sineroo මානයෙන් එහා නොනවතින
සිනමා රසාස්වාදය 😼🖤✨

https://www.youtube.com/
Subscribe My Youtube Channel 😁🤍

ඊළඟ Episode එක එන්න කලින්දාගත්තා කොහොමහරි 😁👌https://youtu.be/7Feo01Sqd0Eපසුගියදා A Knight of the Seven Kingdoms කතා මාලා...
25/01/2026

ඊළඟ Episode එක එන්න කලින්
දාගත්තා කොහොමහරි 😁👌

https://youtu.be/7Feo01Sqd0E

පසුගියදා A Knight of the Seven Kingdoms කතා මාලාව Release වුණා ඔයාට මතක ඇති. ඉතින් මම මේ කතා මාලාවෙ පළවෙනි Episode එක ගැන කතා කළා.

ඔයා AKOTSK ගැන නොදන්න කෙනෙක් නම් AKOTSK කියන්නෙ ලෝකප්‍රසිද්ධ Game of Thrones කතා මාලාවේ පූර්විකාවකට.

එහෙනම් දිගටම රැදිලා ඉන්න අපිත් එක්ක. සුබ දවසක් හැමෝටම.

Uvindu Imesh @සිනෙරූ 😼⚔🔥

#සිනෙරූ

24/01/2026

ග්‍රහමන්දිරේ ආනුභාවයෙන්
මා හට බලය ලබා දෙනු මැනවි... 😾⚔

ඉදිරියේදි He Man යුනිවර්ස් එක පාදක කරගෙන නිකුත් වීමට නියමිත Masters of the Universe චිත්‍රපටයේ පළවෙනි Teaser Trailer එක රිලීස් වුණා.

Uvindu Imesh @සිනෙරූ 😼🔥

#සිනෙරූ

මකර ඉතිහාසය I GOT ඉතිහාසය සිංහලෙන්The History of Dragons 🐉🔥https://youtu.be/IXXBY9xqqC4?si=xyDsdzrukm_KUDcTමේ වීඩියෝ එකෙ...
04/01/2026

මකර ඉතිහාසය I GOT ඉතිහාසය සිංහලෙන්
The History of Dragons 🐉🔥

https://youtu.be/IXXBY9xqqC4?si=xyDsdzrukm_KUDcT

මේ වීඩියෝ එකෙන් මම GOT ඉතිහාසයට මකරු ආවෙ කොහෙන්ද?? ? මේ මකරු කොහොමද නිර්මාණය වුණේ? ඒ වගේම මේ මකරුන්ව පාලනය කරන්න පටන් ගත්තෙ කොහොමද කියල කතා කළා..

ඉතින් පුළුවන් වෙලාවට චැනල් එක පැත්තෙ ඇවිත් යන්න එන්න කියල මතක් කරනවා.

එහෙනම් හැමදාම රැදිලා ඉන්න අපිත් එක්ක.
සුබ දවසක් හැමෝටම. 😍✨

Uvindu Imesh @සිනෙරූ

#සිනෙරූ

රොබින්හුඩ් පුරාවෘත්තයසිංහලෙන්, 😍🍀✨️https://youtu.be/5MXMbGMUCEI?si=RMk0KU6NfMyzlD_qමේ වීඩියෝ එකෙන් මම රොබින් හුඩ් පුරාවෘ...
14/12/2025

රොබින්හුඩ් පුරාවෘත්තය
සිංහලෙන්, 😍🍀✨️

https://youtu.be/5MXMbGMUCEI?si=RMk0KU6NfMyzlD_q

මේ වීඩියෝ එකෙන් මම රොබින් හුඩ් පුරාවෘත්තය සහ ඊට අදාළ සිදුවීම්, චරිත කීපයක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

ඉතින් අද වීඩියෝ එක අපි කවුරුත් දන්න දුන්නෙන් වැඩ දාන වීරයා "රොබින් හුඩ්" ගැන.

Uvindu Imesh @සිනෙරූ


#සිනෙරූ

මේ කලබල අස්සෙ දෙවෙනි Trailer එකත් ඇවිත් නේද මිතුරනි? 😌✨️Trailer එක පටන් ගන්නෙම සත් පුද්ගල නඩු විභාගයෙන්. මම "A Knight of...
06/12/2025

මේ කලබල අස්සෙ දෙවෙනි Trailer එකත් ඇවිත් නේද මිතුරනි? 😌✨️

Trailer එක පටන් ගන්නෙම සත් පුද්ගල නඩු විභාගයෙන්. මම "A Knight of the Seven Kingdoms බලන්න කලින්" Video එකෙන් මේ ගැන කතා කළා ඔයාට මතක ඇති.

Trailer Breakdown එකක් නොවුණත් මං කලින් කරපු Video එකේ මේ Trailer එකේ තිබුණ ගොඩක් දේවල් ගැන කතා කළා.
https://youtu.be/M8ldBbJKS1o?si=ZWVNwiTEJdZwvv_W

ඉතින් පුළුවන් අය පුළුවන් වෙලාවට Channel එක පැත්තෙ එන්න. ඒ වගේම පරිස්සමට ඉන්න. Stay Safe 😍🔥

Uvindu Imesh @සිනෙරූ

Hashantha Dilan අයියත් එක්ක Game of Thrones ගැන Podcast එකක් කළා මිතුරනි 😁🔥https://youtu.be/pMhH-lptST8?si=olqL-K2a_4Bwb...
28/11/2025

Hashantha Dilan අයියත් එක්ක Game of Thrones ගැන Podcast එකක් කළා මිතුරනි 😁🔥

https://youtu.be/pMhH-lptST8?si=olqL-K2a_4BwbJKM

පුළුවන් අය Channel එක පැත්තෙ ඇවිත් අදහසක් දාගෙන යන්නකෝ.. මේක මගෙ පළවෙනි Podcast එක.

😍✨️

#සිනෙරූ

21/11/2025

Game of Thrones රසිකයන්ට ඊළඟ අවුරුදු තුන වැදග්ත්ම අවුරුදු තුනක්. එක පැත්තකින් ලබන අවුරුද්දෙ එහෙම නැත්නම් 2026 දී A Knight of the Seven Kingdoms පළවෙනි කතා සමය සහ House of the Dragon තුන්වෙනි කතා සමය නිකුත් වෙනවා.

ඊට අමතරව 2027 දි AKOTSK දෙවෙනි කතා සමයත්, 2028 දි HOTD හතරවෙනි කතා සමයත් නිකුත් වේවි.

එහෙනම්, මකර නර්තනයට සැරසෙමු.

House of the Dragon
ඊළඟට මොකද වෙන්නේ?? 🐉🔥
https://youtu.be/jDxV-3o4-8Q?si=UAZ5fh_4lZ8N_J1k

A Knight of the Seven Kingdoms
බලන්න කලින්... 😼
https://youtu.be/M8ldBbJKS1o?si=FtHAv1WgCZxFtpB1

Uvindu Imesh @සිනෙරූ 😍

#සිනෙරූ

ඒරියා ටාගේරියන් ගැන අහලා තියෙනවද? 😼 මේගෝර් ටාගේරියන්ගෙන් පස්සෙ බැලේරියන්ගේ මකර ධාවකයා වුණේ ඒරියා ටාගේරියන්. දවසක් ඒරියා ...
19/11/2025

ඒරියා ටාගේරියන් ගැන අහලා තියෙනවද? 😼

මේගෝර් ටාගේරියන්ගෙන් පස්සෙ බැලේරියන්ගේ මකර ධාවකයා වුණේ ඒරියා ටාගේරියන්.

දවසක් ඒරියා ටාගේරියන් රහසේම බැලේරියන්වත් අරගෙන ඩ්‍රැගන්ස්ටෝන් වලින් පිටවෙනවා. හැබැයි මෙයා ගියෙ කොහෙටද කියලා නම් කවුරුත් දැනගෙන් හිටියෙ නෑ. ඒරියාගේ අම්මා වුණ රේනා ටාගේරියන් ඩ්‍රීම්ෆයර් කියන මකරත් එක්ක මෙයා ගැන හොයන්න මුළු සත් රාජධානිය පුරාම පියඹා ගියාලු.

කොහොමහරි අවුරුද්දකට විතර පස්සෙ ඒරියා බැලේරියන්වත් අරගෙන නැවතත් ඩ්‍රැගන්ස්ටෝන් වලට එනවා. හැබැයි මෙහෙම ආවත් ඒරියා ටාගේරියන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් තත්ත්වයක තිබුණෙ නෑ කියල තමයි Game of Thrones ඉතිහාසයේ සඳහන් වෙන්නෙ. ඒරියාගේ ශරීරයේ කුඩා පණුවන් වගේ ජිවීන් කොට්ඨාසයක් හිටියලු. වෛද්‍යාචාරින් විසින් ඒරියාට එක එක ප්‍රතිකාර කළාලු. ඒත් ඒරියාගේ ඇඟේ තිබුණු අධික රස්නය පිටවුණේ නෑලු. ඒ වගේම බැලේරියන්ගේ ඇඟේ අඩි 9ක් විතර දිග කැපුමක් තිබුණලු.

GOT ඉතිහාසය රචනා කරපු පුද්ගලයින් විස්වාස කරන විදියට මෙයාලා මේ විදියට ගිහින් තියෙන්නෙ වැලීරියාවටලු. වැලීරියාවට ගියපු වෙලාවේ මෙයාලට ෆයර්වෝම්ස්ලා පහර දුන්නා කියලා ගොඩ දෙනෙක් විස්වාස කළා. ෆයර්වෝම්ස්ලා කියන්නෙ මකරුන් වගේම ගින්දර පිඹපු, ඒත් අත්තටු තිබුනෙ නැති උරඟ විශේෂයක්.

මං මෙයාලා ගැන "GOT ඉතිහාසයේ හිටපු අත්භූත ජීවීන්" ගැන කතා කරද්දි කතා කළා.
https://youtu.be/RcN0X52yx9Q?si=i9bz8z-OYxzjZIOO

මෙයාලා ගැන විතරක් නෙමෙයි. අයිස් මකරු, මුහුදු මකරු, ටෙරැක්ස් වගේ මකරු ගැනත් මං මෙතනදි කතා කළා. ඉතින් පුළුවන් වෙලාවට Youtube පැත්තෙ ඇවිත් යන්න එන්න කියලත් මතක් කරනවා.

Uvindu Imesh @සිනෙරූ 😼💎

#සිනෙරූ

මුහුදු මකරු (Sea Dragons) 🐉🌊මුහුදට ආවේණික දැවැන්ත උරඟ විශේෂයක් වුණ මේ Sea Dragons ලා එහෙම නැත්නම් මුහුදු මකරු සාමාන්‍ය ම...
17/11/2025

මුහුදු මකරු (Sea Dragons) 🐉🌊

මුහුදට ආවේණික දැවැන්ත උරඟ විශේෂයක් වුණ මේ Sea Dragons ලා එහෙම නැත්නම් මුහුදු මකරු සාමාන්‍ය මකරුන්ට ගොඩක් දුරට සමාන නමුත් පියාපත් තිබුණේ නැති ජීවීන් විශේෂයක් විදියට තමයි පුරාවෘත්ත වල සඳහන් වෙන්නෙ.

අයන් අයිලන්ඩ්වල පුරාවෘත්තවල ඉදලා තියෙනවා නග්ගා කියලා මුහුදු මකරෙක්. නග්ගා කියන්නේ GOT ඉතිහාසයේ හිටපු පළවෙනි සහ බලවත්ම මුහුදු මකරලු. වීරයන්ගේ යුගයේ හිටපු Grey King නමින් හඳුන්වන පුද්ගලයෙක් මේ මකරව මරලා දාලා එයාගේ ඇටකටුවලින් තමන්ගේ මාලිගාව නිර්මාණය කළාලු. එතනින් පස්සෙ මුහුදු මකරුන් සම්පූර්ණයෙන්ම වඳ වෙලා ගියාලු.

අපි දන්නවා GOT ඉතිහාසයේ ගස්වලට, ගල්වලට, ඒ වගේම එක එක සත්ත්වයින්ට වන්දනාමාන කරපු මිනිස්සු හිටියා කියන කාරණය. ඉතින් මේ වගේම මුහුදු මකරුන්ට වන්දනාමාන කරපු මිනිස්සු GOT ඉතිහාසයේ හිටියලු. එයාලා විස්වාස කළා මේ මුහුදු මකරු මිනිස්සුන්ගෙන් ඈත්වෙලා හිරු බැස යන මුහුදු පතුලේ ජීවත් වෙනවා කියන කාරණය.

මං මේ වගේම GOT ඉතිහාසයේ හිටපු අත්භූත ජීවීන් වුණ අයිස් මකරු, ගිනි පිඹින පණුවෝ සහ වැලීරියාවෙ ජීවත්වුණ යෝධ මකරු දෙන්නෙක් ගැන Youtube Channel එකේදි කතා කළා.

ඉතින් පුළුවන් වෙලාවට Youtube පැත්තෙ ඇවිත් යන්න එන්න කියලා මතක් කරනවා.
https://youtu.be/RcN0X52yx9Q?si=ss4sUFw89Eyq8hRb

එහෙනම් හැමදාම රැඳිලා ඉන්න අපිත් එක්ක.
සුබ දවසක් හැමෝටම.

Uvindu Imesh @සිනෙරූ 😼✨️

#සිනෙරූ

GOT විශ්වයේ හිටපු අත්භූත මකරුගැන කතා කරමු.. 🐉❄️https://youtu.be/RcN0X52yx9Qමේ වීඩියෝ එකෙන් මම Game of Thrones ඉතිහාසයේ ජ...
14/11/2025

GOT විශ්වයේ හිටපු අත්භූත මකරු
ගැන කතා කරමු.. 🐉❄️

https://youtu.be/RcN0X52yx9Q

මේ වීඩියෝ එකෙන් මම Game of Thrones ඉතිහාසයේ ජීවත් වුණ අත්භූත, දුර්ලභ ජීවීන් වුණ Ice Dragons, මුහුදු මකරු, ෆයර්වෝම්ස් වගේ ජීවින් ගැන පොඩි විස්තරයක් ඔයාලත් එක්ක බෙදාගන්න බලාපොරොත්තු වෙනවා.

ඉතින් පුළුවන් වෙලාවට Channel එක පැත්තේ ඇවිත් යන්න එන්න. එහෙනම් හැමදාම රැඳිලා ඉන්න අපිත් එක්ක. සුබ දවසක් හැමෝටම.

Uvindu Imesh @සිනෙරූ 😼✨️

#සිනෙරූ

12/11/2025

Sineroo Store එක ගැන
පොඩි විස්තරයක්... 🌝🔥

GOT, The Witcher, LOTR, Harry Potter වගේ Universe වලට අදාළ එක එක Product තියෙන පොඩි Store එකක් පටන් ගන්න හිතුණා. ඉතින් ආරම්භයක් විදියට දැනට අපි ගාව තියෙනවා පහළ තියෙන Sizes වලින් Onboard Photo Frame...

‣ 4x6 = 1000/=
‣ 5x7 = 1200/=
‣ 8x10 = 1800/=
‣ 8x12 = 2000/=
‣ 10x12 = 2600/=
‣ 10x15 = 2800/=
‣ 12x18 = 3700/=
‣ 16x24 = 9200/=

මෙතන Frame එකේ දිග, පළල තියෙන්නෙ අඟල් වලින්. (Inches) උදාහරණයක් විදියට 8x12 කියන්නේ අඟල් 8යි, අඟල් 12යි. ඒ වගේම මීට අමතරව ඔයාට Post Charges සඳහා සුළු මුදලක් එකතු වෙනවා.

ඉතින් කැමති කෙනෙක් අපිට WhatsApp Messege එකක් එවලා Pay & Get Service එකක් විදියට ඔයාට කැමති ඕනෙම විදියකට Custormize කරපු Onboard Photo Frame එකක් ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න.
(WhatsApp Number : 0711167175)

Sineroo Works on WhatsApp.
https://wa.me/94711167175

Uvindu Imesh @සිනෙරූ 🌊

#සිනෙරූ

මේ දවස්වල ගොඩ දෙනෙක්‍ට තියෙනප්‍රශ්නයක් විසඳමු.. 😼🌟මේ වීඩියෝ එකෙන් මම ඩැනේරියස් ටාගේරියන් නැවත ඒවිද? Game of Thrones 9 වෙ...
07/11/2025

මේ දවස්වල ගොඩ දෙනෙක්‍ට තියෙන
ප්‍රශ්නයක් විසඳමු.. 😼🌟

මේ වීඩියෝ එකෙන් මම ඩැනේරියස් ටාගේරියන් නැවත ඒවිද? Game of Thrones 9 වෙනි සීසන් එකක් එනවද? මාර්ටින් මහත්තයගේ පොත් මාලාව කියවන කෙනෙක් කොතනින් ද පටන් ගන්න ඕනේ? ඒ වගේම පොත සහ සීරීස් එක අතර තිබුණු වෙනස්කම් කීපයක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

https://youtu.be/JrGiZfE1Vr8

පුළුවන් වෙලාවට Youtube පැත්තේ ඇව්ත් යන්න එන්න කියලත් මතක් කරනවා.

එහෙනම් හැමදාම රැඳිලා ඉන්න අපිත් එක්ක.
සුබ දවසක් හැමෝටම.

Uvindu Imesh @සිනෙරූ 🤓💎

#සිනෙරූ

Address

Anuradhapura

Telephone

+94710481089

Website

Alerts

Be the first to know and let us send you an email when සිනෙරූ - Sineroo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to සිනෙරූ - Sineroo:

Shortcuts

Share