21/09/2024
උබට දැම් මූව ඕනමද?
අතාරින්නෙම නැද්ද?
"නෑ මං අතාරින්නෙ නෑ .
තේනුකට මං ආදරෙයි "
වචන ටික කියලා ඉවර කරන්නත් කලින් අම්ම ගහපු කම්මුල් පාරට මන් අම්ම දියා බැලුවෙ තරහිම්..
"මට මේ ගෙදර ඉන්න බෑ - මාව එක්කන් යන්න"
මන් එයා එක්ක ගියේ අම්මලගෙ ඇස් වලට වගේම හිත් වලටත් ගින්දර දීලා..
තාත්තාට හොදට සල්ලි තියෙනවා ලු
අම්මා ගුරුවරියක් ලු
ගෙදර එකම කෙල්ල ලු
අනේ පව් නොසන්ඩාලයෙක් එක්ක ඇවිත් දුක් විදිනවා..
මම යනකම් ඉදලා මිනිස්සු කියන සමහර කතා මට ඇහුනා..
මාසයක් විතර යනකම්
නැන්දම්ම හොදින් හිටියා
ටික ටික අතේ තිබ්බ සල්ලි
ඉවර උනා..කරෙ තිබ්බ චේන් එක්
උකස් කලා.
තේනුක හැමදාම බොන්න පටන් ගත්තා..
අම්මා තේනුකට මගේ වැරදි කියලා තව
විස පෙව්වා..
"ඒයී ගෙදර බඩු ඉවරයි -ඉවරයි නම් තෝ ගිහිම් ගනින්..මට කියන්නෙ මොකක්ද "
වෙරි පිට කනහරහා මට ගහන ගමන්
එයා මාව තල්ලු කලා..
අම්මලට දීපු ගින්න අද මන් විදිනවා
හැමදාම මන් මගේ හිතින් එයාලගෙන් සමාව ඉල්ලුවා...
තුන් මසෙකුත් ගියා..
"තේනුක මට ඇගට අමාරුයි .
ඩොක්ටර් හම්බෙන්න යමුද?.."
"මට එන්න බෑ උබ පලයන් මොන මගුලක්ද මේක..."
ඇත්තමයි මට ඒව ඇහෙද්දි පන පිටින් මැරෙන්න හිතුනා
රෑට නිදාගන්නව කියලා ලගට ආවත්
නොවිදිනා දුක් ඌ මට දුන්නා..
"ඔයා ප්‍රෙග්නට් අම්මා.."
ඒක ඇහුව වෙලේම මට මතක් උනේ අම්මව
ආස කෑම මන්ම හදාගෙන කද්දි
ලග ගෙදර නැද්ද එක්ක අවසානෙට දරුව
ලැබෙන්න ඉස්පිරිතාලෙට ගිය..
විදින්න පුළුවන් උපරිම සැප විදපු මන්
දැම් .....
ජීවිතෙ උපරිම විදවනව කියලා මට හිතුන..
දරුවා ලැබිලා ගෙදර ඇවිත් අම්මට කතා කලත්..
"අම්මා"
කියලා කිව්ව ගමන් ෆොන් එක කට් උනා..
බොහොම අමාරුවෙන් තුවාල පිට
ගෙදර වැඩ ටික මුන් මන් ලව්වම කරගත්තා..
බැරිම තැන ආයි අම්මට ගත්තත්..
ෆෝන් එක ඒ විදියටම කට් උනා....
අවසානෙට මන් හිතාගත්තා
දරුවා නිසා මේ දුක් උහුලගෙන
කෝම හරි ඉන්න..
ඒත් පැය භාගයක් යන්න කලියෙම්
අපෙ වාහනේ ගේ ඉස්සරහ නතර උනා..
අම්ම දරුව ගද්දි
තාත්තා මාව හරහට අරගත්තෙ
මගෙ නලලත් ඉබින ගමන්..
තාම තාමත් උබ මගෙ කෙලි පැටික්කි බන්...
උබට මන් ඉන්නකන් විතරක් නෙවේ..
මන් නැති උනත්..
දුකක් විදින්න මන් ඉඩ තියන්නෙ නෑ ..
තාත්තා ....,
අවසානෙට කිව්වෙ මෙච්චරයි
උබලා එකෙක් වත් මගෙ දරුවො
දෙන්නා දියා ඇහැක් ඇරලා බලන්න එප..
ඉතිම් මගෙ දුක් ගින්දර එතනින් ඉවර උනා..
නිමි..
ධනංජනී බස්නායක ✍️