21/08/2026
උරුමයක වැනුම 2026.
නර්තන වංශ කතාවේ විශාලතම නර්තනාභිෂේක මංගල්‍යය. ගාල්ල බද්දේගම ස්වර්ණ රශ්මි කලායතනයේ නර්තනාචාර්ය චින්තන විමුක්ති ජාගොඩ ඇදුරුතුමන් යටතේ ශිල්පැහැදෑරූ දරු දැරියන් 115 දෙනෙකු දේශීය නර්තන කලාවේ උඩරට නර්තන සම්ප්‍රදායේ හිසවෙස් සහ ශීර්ෂාභරණ පැළඳීමේ අභිෂේක මංගල්‍යය 2026 අගෝස්තු මස 26 වන දින උදෑසන 9.00 සිට යෙදෙන සුභ නැකතින් බද්දේගම කුම්මේ මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වේ