12/06/2026
මේ දවස් වල කතාවක් යනවා 2002 දී උනා වගේ වගේ මේ වසරේදීත් ෆුට්බෝල් මැච් එක නිසා වීසා නැති අයට වීසා ලැබෙයිද කියලා ඇත්තටම මොකද්ද මේ කතාව
2002 FIFA World Cup එකේදී South Korea කණ්ඩායම 4 වන ස්ථානයට පත්වුණා. ඒ සමයේදී රජය විදේශිකයන්ට World Cup එක බලන්න පහසුකම් ලබාදීම සඳහා වීසා ක්‍රම කිහිපයක් ලිහිල් කළත්, නීති විරෝධීව (වීසා නැතිව හෝ වීසා කල් ඉකුත් වී) රැඳී සිටි සියලු විදේශිකයන්ට පොදු වීසා හෝ නීතිගත තත්ත්වය ලබාදුන්නේ නම් නෑ
කොහොම නමුත් ඇත්තටම World Cup කාලයේ රජය නීති විරෝධී රැඳී සිටීම් වැළැක්වීමට වීසා නිකුත් කිරීමේ නීති තද කළ බවක් නම් එවකට වාර්තා වී තිබෙනවා. 😂😂
නමුත් 2002දී කොරියානු රජය අනවසරයෙන් (illegal stay) සිටි විදේශිකයන් සඳහා ස්වෙච්ඡාවෙන් වාර්තා වීමේ (self-reporting) සහ දඩ මුදල්/නැවත ඇතුල්වීමේ තහනම් කාලය ලිහිල් කිරීමේ වැඩසටහනක් නම් ක්‍රියාත්මක කළා. ඒ අනුව නියමිත කාලය තුළ වාර්තා කළ අයට දඩ ලිහිල් කිරීම සහ දඬුවම් නොදී, රටින් පිටවීමට නම් කාලයක් ලබාදුන්නා.
ඒ සමයේ දී World Cup එක නිසා පැමිනි සංචාරකයන්ට නම් වීසා පහසුකම් වැඩි කළා. උදාහරණයක් ලෙස තරග ප්‍රවේශපත් තිබූ සංචාරකයන්ට වීසා නිකුත් කිරීම පහසු කර, රැඳී සිටීමේ කාලය දින 30 සිට දින 90 දක්වා දීර්ඝ කළා.
නමුත් ඒක සාමාන්‍ය amnesty එකක් හෝ සියලු අනවසර විදේශිකයන්ට නීතිමය වීසා දීමක් නොවෙයි.හැබැයි එම කාලයේම කොරියාව විසින් තම රටේ අනවසරයෙන් රැඳී සිටි විදේශිකයන්ට එරෙහිව කශනික වැටලීම් සිදු කරමින් පාලන ක්‍රියාමාර්ග ගෙන ගියා.
ඒ නිසා සමහර අය කියන “2002 World Cup එක නිසා කොරියාව illegal අයට වීසා දුන්නා” කියන කතාවේ ඇත්ත කොටස වන්නේ සමහර දඬුවම් ලිහිල් කිරීම සහ ස්වෙච්ඡාවෙන් පිටවීමට අවස්ථාව ලබාදීම පමණයි; සෘජුවම සියලු දෙනා නීතිගත කළේ නැහැ. 😂😂😂😂