Read yourself with Dinu

Read yourself with Dinu එන්න ඔයාවම කියවන්න.

ජීවිතේ අපි හිතන දේවල් සිදු වෙන්නෙත් නෑ
සිදු වෙන දේවල් හිතාගන්නත් බෑ. ඒ නිසා වර්ථමානේ හොදින් ජීවත් වෙන්න. ඔයා ඔයාව පරිස්සම් කරගන්න.

දෙපයින් හිට ගන්න හයිය කෙල්ලෙක්/ කොල්ලෙක් ජීවිතේ අනිවාර්‍යෙන්ම කරන සහ කරන්න ඕනම ලොකුම 𝗶𝗻𝘃𝗲𝘀𝘁𝗺𝗲𝗻𝘁 එක තමයි....තමන්ගේ 𝗟𝗶...
26/01/2026

දෙපයින් හිට ගන්න හයිය කෙල්ලෙක්/ කොල්ලෙක්
ජීවිතේ අනිවාර්‍යෙන්ම කරන සහ කරන්න ඕනම
ලොකුම 𝗶𝗻𝘃𝗲𝘀𝘁𝗺𝗲𝗻𝘁 එක තමයි....
තමන්ගේ 𝗟𝗶𝗳𝗲 𝗣𝗮𝗿𝘁𝗻𝗲𝗿
හරියට ම තෝරගන්න එක.

මොකද තමන් ඉස්සරහට යද්දි
කකුලෙන් අදින ගැහැනියෙක්/පිරිමියෙක් තෝරගෙන
තමන්ගේ හැමදේම නැති කරගන්න
ගේමක් ගහන කෙල්ලෙක්/ කොල්ලෙක්
කොහෙත්ම කැමති නෑ.
හැබැයි එහෙම හොදම කෙනෙක් තෝරගන්නවා
කියන එකත් ලේසි දෙයක් නෙමෙයි.
තමන් තෝරගන්න හරි life partnerගෙන්
ලැබෙන Support එක
මානසික නිදහස
තේරුම් ගැනීම සහ
සමාජයේ ඉස්සරහට යද්දි
තමන්ගෙ පිටි පස්සෙන් හරි ඉදන්
තවත් හයියට අල්ලන් යන්න පුලුවන්
පෞරුෂත්වයක් තියෙන
ගැහැනියක්/පිරිමියෙක් ඉන්නවා කියන්නෙම
ඒ කෙල්ලව/ කොල්ලව වට්ටන්න ගොඩාක් අමාරුයි.😎

ඉතින්,
ගොඩ යන්න ගේමක් ගහන
හැම කෙනෙක්ටම හම්බ වෙන්න ඕන
ඒ වගේම ගොඩ යන්න try කරන
Positive mind එකක් තියෙන
Life Partner කෙනෙක්.
අන්න එහෙම කෙනෙක් හම්බ වුන දවසට
ඒ දෙන්නගෙ ගමන නවත්තන්න කාටවත් බෑ.
ඒ වගේම එහෙම දෙන්නෙක්ගේ
Successful Lifestyle එක
කොහෙන් නතරවෙයිද කියන්නත්
අපිට හිතාගන්නත් බෑ.
එහෙනම්
ගොඩ යන්න ගේමක් ගහන හැමෝටම ජය 💪👊

Read yourself with Dinu🖋️

ජීවිතේ පටන් ගැන්මේ ඉදලා අපි දකිනවා ලස්සන හීනයක් 👰‍♀🤵‍♂ලස්සන ජීවිතයක් ආදරණීය supportive Partner කෙනෙක් එක්ක සතුට පිරුනු ද...
26/01/2026

ජීවිතේ පටන් ගැන්මේ ඉදලා
අපි දකිනවා ලස්සන හීනයක් 👰‍♀🤵‍♂
ලස්සන ජීවිතයක්
ආදරණීය supportive Partner කෙනෙක්
එක්ක සතුට පිරුනු දවස් එක්ක ජීවත් වෙන්න.
ඒත් අපි හිතන විදිහටම එහෙම වෙන්නේත් නෑ.
වැරදීම්, අතපසුවීම්, බලපොරොත්තු කඩවීම්,
ජීවිතය පවා අතහැරෙන මට්ටමට කඩාවැටීම්
ඒ සේරම අස්සේ,

දවසක එනවා අපි හිතපු අපි මවපු
ආදරණීය හදවතක්.
ඒ හදවත හමු වුනාම
අපි ආයෙත් අලුතින් ජීවත් වෙන්න පටන් ගන්නවා
සැනසීමේ හුස්ම ගන්න පටන් ගන්නවා.
ඉතින්,
මගේ ජීවිතේ අහම්බෙන් හරි මට හමුවුන
ආදරණීය ම පුද්ගලයා ඔයා.
ස්තූතියි ඔයාට මගේ නැති වෙලා තිබුන හිනාව ඒ සැනසීම
මට ආයෙත් අරන් ආවට....❤️

Read yourself with Dinu 🖋️

තමන්ගේ සතුටත් අනුන් වෙනුවෙන් කැප කරන්න පුලුවන් මිනිස්සු ❤️❤️
14/04/2021

තමන්ගේ සතුටත් අනුන් වෙනුවෙන් කැප කරන්න පුලුවන් මිනිස්සු ❤️❤️

  ....හීන... හීන කියන්නේ මොනවද ? හීන කියන්නේ අපි නින්දෙදි විතරක් දකින දේවල් වලට නෙමෙයි.හීන කියන්නේ කෙනෙක්ගේ ජීවිතේ ඉස්සර...
06/02/2021

....

හීන... හීන කියන්නේ මොනවද ?
හීන කියන්නේ අපි නින්දෙදි විතරක් දකින දේවල් වලට නෙමෙයි.හීන කියන්නේ කෙනෙක්ගේ ජීවිතේ ඉස්සරහට යන්න මිනිසෙක්ගේ මනසට ඇතුල් වෙන පලවෙනි පියවර.මේ ලෝකේ හැම මනුෂ්‍යයෙක්ටම හීනයක් තියෙනවා.පුංචි කාලේ ඉදලා මේ හීන අපේ පස්සෙන් එනවා.උස් මහත් වෙද්දි අපිට අපි පුංචි කාලේ මවපු හීන තවත් Motivate වෙලා තවත් දේවල් එකතු වෙලා අපි ලග රැදිලා තියෙනවා.

ඔයාලා ටිකක් හිතුවද පුංචි කාලේ ඔයා මොනවගේ කෙනෙක් වෙන්න ඕන කියලා ද හිතුවේ කියලා? ඒත් උස් මහත් වෙන්න වෙන්න අපි ඒ හිතපු හැමදේම වෙනස් වුනා නේද?
සමහරු නම් තමන්ගේ ඒ හීනේ මේ වෙද්දි හැබෑ කරගෙන ඒ ජීවිතේ විදිනවා ඇති.තවත් සමහරු තමන්ගේ හීනෙට යන්න අඩිය තියලා සමාජේ කකුලෙන් අදිද්දි අතෑරලා දාලා වෙන දෙයක් ගැන කල්පනා කරනවා ඇති.තවත් සමහරු වෙන්නෙ මොනවද කියලා හිතාගන්නවත් බැරුව ඔහේ බලාගෙන ඇති.
ජීවිතේ මැරෙන්න විනාඩියකට හරි ඉස්සෙල්ලා විදින්න නම් අපි අපේ ජීවිතේ ආස කරන දෙයක් තියෙන්න ඕන.එක එක අය ආස දේවල් වෙනස්.
තමන්ගේ හීන වලට යන්න තමන්ට වත්කමක් නැතුව ඇති.එක්කෝ කාලය මදි කියලා හිතෙනවා ඇති.එහෙමත් නැත්තම් ඉන්න පරිසරයත් එක්ක ඒ හීනෙට යන්න බෑ කියලා හිතෙනවා ඇති.ඒත් ටිකක් හිතුවද අපි ඒ දේවල් නිසා නැති කරන් ඉන්නේ අපි ආසම කරන දේවල් කියලා? ඔයාට ඔයාගේ හීනෙට යන්න වත්කමක් නැත්තම් උත්සාහ කරන්න ඒ වත්කම කොහොමද හොයාගන්නේ කියලා හිතලා.ඔයාට කාලය මදී කියලා හිතෙනවා නම් හිතන්න දවස තිස්සෙම මහන්සි වෙලා ඔයාට වෙලාව නස්ති වෙන්නේ මොනවටද කියලා ඒ හම්වෙන පුංචි වෙලාව ඔයාගේ හීනෙට යන්න හදාගන්න.ඔයාට ඔයා ඉන්න පරිසරය බාධාවක් නම් ඒ පරිසරයෙන් ඈත්වෙන්න.

ජීවිතේ අවදානමක් ගන්න බය වෙන්න එපා.අවදානමක් අරගෙන තමන්ගේ හීන හැබෑ කරගන්න පුලුවන් නම් එදාට ඔයා ජීවිතේ විදින කෙනෙක් බවට පත් වේවි.ඔයා ආස දෙයක් කරද්දි ඔයාට මිනිස්සු කියලා ඇති "උබ ඔය කරන්නේ මෝඩ වැඩක් , ඕවා කරලා කාටද හරි ගියේ බං , අපරාදේ සල්ලි නාස්ති කරන්න එපා ඕක වෙන දේකට දාන්න. " ඔය වගේ වචන ඔයාට අනන්තවත් ඇහිලා ඇති.කරන්න ගිය දේවල් අනන්තවත් නවත්තලා ඇති. ඒත් ඔයා හිතුවද ඔයාගේ ජීවිතේ වැටෙන්න ඇහෙන ඔය වචන ජීවිතේ නැගිටින්න හයියක් කරගන්න පුලුවන් කියලා.අපි ආස දේ කරන්න නම් සමාජේ අපිව වට්ටන්න කියන දේවල් ඇහුනේ නෑ වගේ ඉන්න වෙනවා කොටින්ම කිවුවොත් ඒවා අපේ ජීවිතේට අදාල කරගන්න අවශ්‍ය නෑ.මොකද ඔයා ඔයාගේ හීන හැබෑ කරගත්තු දවසට එදා "ඕවා කාටද හරි ගියේ බං "කියපු එක්කෙනාම ඇවිත් ඔයාගෙන් අහයි" කොහොමද බං ඒක කලේ කියලා".අත් කකුල් නැති ඇස් පේන්නේ නැති කන් ඇහෙන්නේ නැති මිනිස්සු පවා එයාලාගේ හීන වලට යනවා නම්
ඉතින් ඇයි ඔයාට බැරි?

හිතන්න.....
සමාජෙ නිසා ඔයාගේ දුර්වලකම් නිසා ඔයා ඔයාගේ හීන අතාරිනවද?නැත්තම් ගෙදරට වෙලා ඔහේ නාස්ති කරන කාලේ ඔයාගේ හීන වලට යන්න යොදාගන්නවද කියලා.ඔයාට ඔයා ගැන විශ්වාසයි නම් ඔයාගේ ජීවිතේ ඔයාට ඕනම දෙයක් කරන්න බය වෙන්න එපා.ඔයාට පුලුවන්.

දැක්ක ගමන් මොකද හිතුනේ ? 90%ක්ම අපෝ දැන් ඉතින් ඕක විතරයි අඩු වෙලා තිබ්බේ ඊයා කියලා හිතුවා නේද? 5%ක් අවුලක් නෑ ශේප් කියලා...
17/01/2021

දැක්ක ගමන් මොකද හිතුනේ ? 90%ක්ම අපෝ දැන් ඉතින් ඕක විතරයි අඩු වෙලා තිබ්බේ ඊයා කියලා හිතුවා නේද? 5%ක් අවුලක් නෑ ශේප් කියලාත් හිතුවා.4%ක් හිතේ ආසාවක් තිබ්බත් හිතේම තියාගෙන ඉන්නවා. ඕකෙන් 1%යි ඇත්තටම තමන් ආස දේ සමාජේ මොන දේ කිව්වත් කරත් ඉන්නේ කරන්නෙ.ඇත්තටම වෙන්න ඕනත් ඒක නෙමෙයිද?

සමාජෙට ඕන විදිහට ජීවත් වෙලා කවදාවත් අපි ආස දෙයක් අපිට විදින්න ලැබිලා තියෙනවාද? එහෙමයි කියලා හිතට එන හැමදේම කරන්න හොදත් නෑ තමන්ට ගැලපෙන විදිහට කරන කියන දේවල් ගලපගන්න.තව කෙනෙක් කරන දෙයක් දිහා බලලා අනේ මටත් ආසයි කියලා ඒ දේම ඒ විදිහට කරන්නම් වාලේ කරනවට වඩා තමන්ට ගැලපෙනවාද කියලා බලලා තමන් ආස දේ තමන්ට ගැලපෙන විදිහට හැඩගස්සගෙන ලබාගන්න උත්සහ කරන්න.එතකොට බොරු දේවල් වලට යොදවන කාලේ තමන්ට නොගැලපෙන දේවල් වලට කරන වියදම් අඩු කරගෙන ලස්සනට ජීවත් වෙන්න පුලුවන්.

අපේ හිත් වලත් ආසාව තියාගෙන තව කෙනෙක්ගේ කැමැත්තක් දිහා පහත් හිතින් බලලා ඒ ගැන ඇද කියන්නේ නැතුව ඒ දිහා ධනාත්මක ඇහැකින් බලලා විදින්න පුලුවන් නම් එදාට තමයි ඔයාගේ ජීවිතේ Motivate වෙලා කියලා ඔයාට දැනෙන්න පටන් ගන්නේ.ඒ වෙනස අත් විදපු අය අත් විදින අය දන්නවා Motivation වුනාම මිනිහෙක්ගේ ජීවිතේ කොච්චර ලොකු වෙනසක් වෙනවද කියලා.මං හරි නම් එහෙම වෙනසක් අත් විදපු එක්කෙනෙක් හරි ඉන්නවා නම් මේ පෝස්ට් එකට Comment එකක් දාන්න.

23/11/2020

හැමෝගේම ජීවිතවල ඇදිච්ච රූපයක් තියෙනවා.ගොඩක් අය ඒක හිතින් මවාගෙන ලැබිච්ච කෙනා එක්ක ජීවත් වෙනවා. බලන්න ඔයත් මේ වගේද😓

20/11/2020

ඔයා පන වගේ ආදරේ කරන කෙනා ඔයා ලග ඉන්නවාද

17/11/2020

යන අයට යන්න දීලා බලාගෙන ඉන්න. දාලා ගිය අයම දවසින් දවස ඔයාව රිද්දන්න ගොඩාක් දේවල් කරයි .මේක බලලම ඉන්නකෝ 😎♥️😓

15/11/2020

ප්‍රතික්ෂේප වීම් තමයි ජීවිතේ හොදම Motivation එක ♥️♥️♥️

කොරෝනා උබ ආව දවසේ ඉදන් මිනිස්සු මැරි මැරී ජීවත් වෙනවා බංකරුමයක් වෙලා ආව උබ කවදා ඉවර වෙයිදකියන්න කාටවත් කියන්න බෑදවසින් ද...
13/11/2020

කොරෝනා උබ ආව දවසේ ඉදන් මිනිස්සු
මැරි මැරී ජීවත් වෙනවා බං
කරුමයක් වෙලා ආව උබ කවදා ඉවර වෙයිද
කියන්න කාටවත් කියන්න බෑ
දවසින් දවස උබ නිසා මිනිස්සු අපා දුක් විදිනවා
සමහරු ජීවිතෙන් යන්නේ තමන්ගේ
කියන උන්වත් බලන්න පිනක් නැතුවමයි
එක අතකින් උබට බැනලා වැඩකුත් නෑ බං

අපේ මිනිස්සු නිසාමයි උබව බිහිවුනේ
ඒත් දැන් මුලු ලෝකයක් ඒ නිසා විදවනවා
ඒ නිසා දැන්වත් මිනිස්සු වෙච්ච උබලා හිතපල්ලා
මේක එසේ මෙසේ ලෙඩක් නෙමෙයි
උනක් හෙම්බිරිසාවක් වගේ ආවා ගියා කියන්න
පුලුවන් ලෙඩක් නෙමෙයි
තමන්ට හැදෙනකම් තමන්ගේ ලගින් ඉන්න එකෙක්ට
හැදිලා උන් විදවන හැටි දකිනකම්
උබලාට ඕවා දැනෙන්නේ නෑ

හුස්ම ටික ගන්න අපා දුක් විදින්න ඕන
බෙහෙත් හේත් වෙලාවට කලාවට බොන්න ඕන
ඒ බීලත් බෑ ඒ සැර පිට කරද්දි
පපු නහර රිදෙන කොට කොයි වෙලේ
මැරෙයිද කියලා බයේ ගැහෙන්නේ
පිටින් පේන්නේ නැති පෙනහලු ඇතුලෙන්
වෙන දේවල් අපි දන්නේ නෑ බං
කොයි වෙලේ හුස්ම පොද යයිද කියන්න දන්නේත් නෑ
පිනක් තිබ්බොත් බේරෙයි

පරිස්සම් වෙයල්ල කියලා කට කැඩෙනකම් කියන්නේ
මේ කරුමේ හැදුනාම උබලාට විදවගන්න බෑ කියලා
දන්න නිසා
ඒ නිසා රට හරක් වගේ ඔහේ ඉන්නේ නැතුව
පුලුවන් තරම් ගෙදරට වෙලා ආරක්ශක ක්‍රම වේද
පිලිපැදපල්ලා,
දවසක් බිව්වේ නෑ කියලා මැරෙන්නේ නෑනේ
ඒත් උබලාට මේ කරුමේ හැදුනොත් මැරෙන්න වෙන්නෙ
උබලා කරපු පව් වලටත් වන්දි ගෙවලාමයි

ඒ නිසා පුලුවන් තරම් හිත නිදහස් කරන් ජීවත් වෙයල්ලා
හිත් වල තියෙන කුහක කම් තරහා මරහා අමතක කරලා
පුලුවන් තරම් හිනා වෙලා ජීවත් වෙයල්ලා
කොයි වෙලේ කොහොම මේ කරුමෙට කරගහන්න වෙයිද
කියන්න අපි දන්නේ නෑ
ඒ වෙලාවට ඉන්නේ උබ ඔය අතෑරලා දාපු මිනිස්සුමයි
උබේ උදව්වට ,

ඒ නිසා හිතපන් දැන්වත් පරිස්සම් වෙයන්
එහෙ මෙහේ යද්දි මාස්ක් දාලා ග්ලවුස් දාගෙන යමන්
ගෙදර ආවත් පුලුවන් නම් නාගෙන ඇගපත හෝදගනින්
ඇදුම් අව්වට දාලා වේලපන් හොදට
උබේ ආරක්ශාව තියෙන්නෙ උබේ අතේ
ඒ වගෙම උබේ පව්ලේ උන්ගේත්,
උබ අද ඒ වගකීම ගත්තොත් උබත් රැකෙයි
උබේ පවුලත් රැකෙයි
මේ මුලු ලෝකයත් රැකෙයි... 🙏🙏

උබලාට ආදරේ නිසයි මේ වගේ පෝස්ට් එකක් ලිව්වේ.
ශෙයා කරලා පුලුවන් නම් ජීවිතයක් පරිස්සම් කරහන්🙏

✍✍

Indirizzo

Capri

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Read yourself with Dinu pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Condividi