12/12/2025
🇺🇸 කෝටි 30ක් දුන්නොත් වීසා පෝලිම් නෑ! ට්‍රම්ප්ගේ අලුත්ම "Gold Card" සෙල්ලම. 💳
ඇමරිකාවට යන්න, එහේ පදිංචි වෙන්න හීන දකින ලක්ෂ ගණනක් පෝලිම් වල ඉද්දි, ඩොනල්ඩ් ට්‍රම්ප් අලුත්ම වැඩක් පටන් අරන්. ඒ තමයි "Trump Gold Card".
ඔබ ළඟ ඩොලර් මිලියනයක් (ඒ කියන්නේ රුපියල් කෝටි 30කට ආසන්න මුදලක්) තියෙනවා නම්, ඔබට ඇමරිකාවේ වීසා ගන්න රස්තියාදු වෙන්න ඕන නෑ.
මොකක්ද මේ Gold Card එක? 🤔 මේක හරියට "සල්ලි දීලා ගන්න පුරවැසිකමක්" වගේ වැඩක්. ට්‍රම්ප් කියන විදියට මේ මුදල ගෙවන්න පුළුවන් අයට "වාර්තාගත කාලයකින්" (Record time) ඇමරිකාවේ පදිංචිය සහ පුරවැසිභාවය ලැබෙනවා.
ගාස්තු කොහොමද? 💸
- තනි පුද්ගලයෙක්ට: ඩොලර් මිලියන 1යි (£750,000).
- ව්‍යාපාරයක් නම් (සේවකයින් සඳහා): ඩොලර් මිලියන 2යි.
- ලියාපදිංචි ගාස්තුව: ඉල්ලුම් කරන්න කලින් ඩොලර් 15,000ක (රුපියල් ලක්ෂ 45ක පමණ) ආපසු නොගෙවන මුදලක් ගෙවන්න ඕන.
තව එන්න තියෙනවා "Platinum" කාඩ් එකක්! ✨ ළඟදීම ඩොලර් මිලියන 5ක වීසා එකකුත් එනවා. ඒක ගන්න අයට ඇමරිකාවේ විශේෂ බදු සහන (Tax Breaks) ලැබෙනවා කියලා තමයි කියන්නේ.
ට්‍රම්ප් කියන්නේ "අපිට ඕන රටට වැඩක් කරන්න පුළුවන්, රස්සා මවන්න පුළුවන් සල්ලිකාරයෝ" කියලා. සාමාන්‍ය මිනිස්සුන්ට දොර වැහෙද්දී, සල්ලි තියෙන අයට රතු පලස එළන මේ වැඩේ ගැන ඔයා මොකද හිතන්නේ? 👇