20/06/2026
හිත පාරලා රිද්දන්න කොට
නොකිව්වට නුඹත්
දුක හිරකරන් ඉන්න ඇති....
කේන්තියට එපාවී බැන්නට
නොකිව්වට නුඹටත්
මාව අතහැරම ඉන්න අමාරු ඇති....
පාලු මකන මහ රෑ අඳුරට
නොකිව්වට නුඹෙත්
කඳුළු කෑගසමින් පුපුරන්න ඇති....
නුඹෙ සිතට මට අඟුළු දැම්මට
නොකිව්වට නුඹත්
මගේ ආදරේට ආදරේ ඇති......
#තනිකම