හාවාTalk

හාවාTalk Welcome to Hawa Talk 🌍🐰 sports,entertainment,gossip & promoted brand
(2)

තම සිරුර කාමුක චිත්‍රපට සදහා විකුණමින්, ඉන් උපයන මුදල ලෝකයේ දුප්පත් දරුවන් සදහා යොදවන ගැහැණියයි ඇය ❤️===================...
15/09/2026

තම සිරුර කාමුක චිත්‍රපට සදහා විකුණමින්, ඉන් උපයන මුදල ලෝකයේ දුප්පත් දරුවන් සදහා යොදවන ගැහැණියයි ඇය ❤️
=======================

එලේනා කොෂිකා
Elena Koshka
http://mavs.egloos.com/4434940
=========================
ඔබ අහල තියෙනවද '' ඔිනෑම ශාන්තුවරයෙකුට පාදඩ අතීතයක් තිබිය හැක, ඔනෑම පාදඩයෙකුට ශාන්තුවරයෙක්ගේ අනාගතයක් උරුම විය හැක. '' කියන ඒ කතාව. ඒ කතාව තමයි මෙි ‍යථාර්ථවදී ලෝකයේ අපි පෙන්නන්න හදන්නෙ.
එලේනා කොෂිකා කියන්නෙ අඩි 6 ක් උසැති රුසියානු මාපියන්ට දාව ඉපදුන ඇමෙරිකා එකසත් ඡනපද කාන්තාවක්. ඇගේ වෘත්තීය ගත්තොත් ඊණීයා සදාචාරවත් හා ශිෂ්ටයැයි සමිමත ලෝකය පිලිකුල් සහගතව බලන වෘත්තියක්. ඒ තමයි ලිංගික ක්‍රියාවන් පමණක් පෙන්වන චිත්‍රපටවල ලිංගික ක්‍රියාවලින් දායක වීම. ඒ කියන්නෙ නිල් චිත්‍රපට. හැබැයි මෙි වෘත්තීයේ යෙදෙන ගැහැණුන් ගෙ ඡීවිතය දෙස අහනකොට බලනකොට සදාචාරවත් අපේ සමාඡය එයාල දිහා බලන්නෙ අප්‍රියඡනක හැගීමකින්. නමුත් මෙි මිනිස්සු ඒ චිත්‍රපට බලන්නෙ කෙළ හල හල. කොටින්ම එහෙම චිත්‍රපටියක් නොබලපු පිරිමියෙක් මෙි සමාඡෙ නැත්තටම නැති තරමි. එහෙම නැතිවෙනවනමි නැති වෙන්න හේතුව තමයි එයාලට එවැනි චිත්‍රපටියක් බලන්න සාමාඡියයවත් ආර්ථිකමයවත් ඊට අවස්ථාවක් නොලැබුනු එක. එයාලගෙ එකී වපසරිය පටු.වෙචිච එක

ඉතින් අපේ මෙි කතානායිකාව එහෙම නිල් චිත්‍රපටිවල රගපාල ඒ ලැබෙන මුදල් වියදමි කරන්න ලෝකෙ දුප්පත් ලමයි ඉන්න රටවල්වලට යනව. වැඩියෙන්ම දුප්පත් ලමයි ඉන්නෙ අප්‍රිකා මහද්වීපයෙ බව ඔබ අපි දන්නව. ඒ නිසා ඇය තෝරගෙන තිබුනෙ කෙන්යාව.
එයා කෙන්යාවට ගිහින් තොරතුරු හොයල බලපුවම දැක්ක දෙයක් තමයි කෙන්යාවෙි හිරගෙවල්වල ගැහැණුන්ට අඩුම තරමෙි තමන්ගෙ මාස් ශුද්ධිය දවස්වලට පලදින්න සනීපාරක්ෂක තුවාහෝ බන්ධනාගාර පාලිකාවන් නොදෙන බව. ඉතින් ඇය ඉස්සෙල්ලම කලේ ඒ අසරන ගැහැණුන්ට මෙි සමිපත් ලබා දීම. ඊට පස්සෙ ඇය හැරුනෙ වීදි සහ ළමා නිවාසවල ඉන්න දුප්පත් දරුවන්ගෙ පැත්තට. ඇය ඔවුන්ගෙ අඩුපාඩුකමි බලල එයාල එක්ක සතුටෙන් සෙල්ලමි කරමින් දින කිහිපයක් ගතකලා. මෙි හැමදෙයක්ම ඇය කලේ කවදාවත් දැකල නැති ගැහැණුන් සහ ළමයි සදහා. උත්ප්‍රාසය තමයි කෙන්යාවෙි සදාචාරවත් කාන්තා සංවිධාන පවා මෙතෙක් නොකරපු දෙයක් තමයි ඇය කලේ. ඒ වගේම .mpasho වැනි ඡාත්‍යන්තර කීර්තියක් දිනාගෙන සිටින අප්‍රිකානු කාන්තා සගරා පවා ඇය ගැන දැන් කතාකරන්න පටන් අරන්
එලේනාගේ අතීතයවත් අනාගතයවත් මදර් තෙරේසාගෙ වගේ නොවෙන්න පුලුවන්.එත් කාමුක නිල් චිත්‍රපටි නිලියකගෙ ඡීවිතය ගැන, එයාලට තියෙන්නෙ මොනවගේ අදහස් හා ප්‍රාර්ථනාද යන්න අපේ කලින් තිබුණ හැගිීම අඩුම තරමෙි දැන් අපි වෙනස් කරගන්නව
=================================
මට මෙි සටහන සදහා පාදක වුනේ Priyadarshana Ambrose -ගෙ ලිපියක්

සටහන - උපාලි ජයසිංහ ✍️
(මුල් හිමිකරුගෙ කතෘ අයිතිය සුරකින්න)

(මාධ්‍යවේදී David Brancaccio විසින් වසර 2005 දී ඇමරිකානු ලේඛක  Kurt Vonnegut ඔහුගේ Man Without a Country නම් කෘතිය සම්බන...
14/09/2026

(මාධ්‍යවේදී David Brancaccio විසින් වසර 2005 දී ඇමරිකානු ලේඛක Kurt Vonnegut ඔහුගේ Man Without a Country නම් කෘතිය සම්බන්ධ කරගෙන සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීය. පහත සංවාදය එහිදි සිදුවුණි)

DAVID BRANCACCIO: මම කියන්නම ඕන දෙයක් තියනවා, ඔයාගෙ අන්තිමටම පළවුණු පොතේ මෙහෙම දෙයක් ඇතුළත් වෙනවා. ඔයා ගෙයින් එළියට යන්න හදනකොට ඔයාගෙ බිරින්දෑ ඇවිත් අහනව ඔය මොකද කරන්නේ කියලා. මං හිතන්නෙ ඔයා කියනව මම ලියුම් කවර වගයක් ගන්න යනවා කියල.

KURT VONNEGUT: ඔව්‍.

DAVID BRANCACCIO: ඊට පස්සෙ මොකද වුණේ?

KURT VONNEGUT: එයා කිව්වා ඔයා දුප්පත් කෙනෙක් නෙමේ නෙ. ලියුම් කවර මිටියක්ම එකපාර ඔන්ලයින් ඕඩර් කරලා තියාගන්නෙ නැත්තෙ ඇයි කියලා. ඉතින් එයා කියපු එක ඇහුණෙ නෑ වගේ මම එන්න ආව. මොකද කඩේ ගිහින් එක ලියුම් කවරයක් අරගෙන එන ක්‍රියාවලිය ඇතුළේ මං ලොකු සතුටක් ලබනවා. මට ගොඩක් දෙනා මුණ ගැහෙනවා. ගිනි නිවන හමුදාවෙ වාහනේ මාව පහු කරගෙන යනවා. මං ඇගිල්ලක් උස්සලා ඒ අයට නියමයි කියලා කියනවා. බල්ලෙක් අරන් එන ගෑනුකෙනෙක්ගෙන් ඌ මොන ජාතියෙද කියල අහනවා. මං දන්නෙ නෑ. මේකෙ තේරුම තමා අපි මේ ලෝකෙට ඇවිත් තියෙන්නෙ අපේ කාලෙ ගෙවල දාන්න. කම්පියුටර් අපි වෙනුවෙන් දේවල් කරාවි තමා. ඒත් මිනිස්සුන්ට තේරෙන්නෙ නැති සහ තේරුම්ගන්න උවමනාවක් නැති කාරණේ තමා අපි නටන සත්තු කියන එක. ඔයා දන්නවනේ අපි කැමතියි එහෙ මෙහෙ ඇවිදින්න. ඒත් තව දුරටත් අපි එහෙම කරන්නෙ නෑ.

~ Extract and translated from "Philo Thoughts"

සටහන - Hashan Randika Dias ✍️
(මුල් හිමිකරුගෙ කතෘ අයිතිය සුරකින්න)

ඉතිහාසයේ සිදු වූ ශාපලත් මංගල උත්සවයක්....🥺    1867 මැයි 30 වන දින සිදු වූ අවාසනාවන්ත  මංගල්‍යයන්ගෙන් එකක් තමා සැවෝයි හි ...
13/09/2026

ඉතිහාසයේ සිදු වූ ශාපලත් මංගල උත්සවයක්....🥺

1867 මැයි 30 වන දින සිදු වූ අවාසනාවන්ත මංගල්‍යයන්ගෙන් එකක් තමා සැවෝයි හි ඇමඩියෝ කුමරු සහ මාරියා විටෝරියා ඩල් පෝසෝ අතර දෙවරක් ප්‍රමාද වී පවත්වපු විවාහය. ඇත්තටම සාපයක්ම තමා කියල හිතෙයි වෙච්ච දේවල් කියෙව්වාම.

මේ උත්සවයට පෙර මරියාගේ සහායක මනමාලිය ගෙල වැලලාගෙන මිය ගිහින් තියෙනවා. ඒ වගේම මඟුල් පෙරහැර මෙහෙයවූ නිලධාරියා හදිසි පහරකට ලක්ව ඇද වැටී තියෙනවා. විවාහ පෙරහැර සඳහා මාලිගාවේ දොරටු විවෘත කිරීමට සිටි මුරකරු ද ඒ අසලම ලේ විලක් මැද මිය ගොස් තියෙනවා.

තව නිලධාරියෙක් ඔහුගේ අශ්වයාගෙන් වැටී කරත්තයට යට වෙලා තියෙනවා. මනාලයාගේ මිතුරා ඔහුගේ චාරිත්‍රානුකූල පිස්තෝලයෙන් හිසට වෙඩි තබාගෙන තියෙනවා.

විවාහ ගිවිසුම අත්සන් කරවන නිලධාරියා ආඝාතයක් නිසා රෝගී වෙලා තියෙනවා. ඒ වගේම තමයි දෙන්නා මධුසමය ගත කිරීමට යාමට නියමිතව තිබූ දුම්රියට දුම්රිය ස්ථානාධිපති වැටිලා යටවෙලා තියෙනවා.

හෙන විතරයි ගහලා නැත්තේ...😒

සටහන - Niluka Damayanthi ✍️
(මුල් හිමිකරුගෙ කතෘ අයිතිය සුරකින්න)

මං දැකපු හොඳම තාත්තා කෙනෙක් තමයි Paul Walker...❤️ප්‍රසිද්ධියට වඩා මනුෂ්‍යත්වයත්, මුදලට වඩා සබඳතාත්, හෙටට වඩා අද දවස වටින...
13/09/2026

මං දැකපු හොඳම තාත්තා කෙනෙක් තමයි Paul Walker...❤️

ප්‍රසිද්ධියට වඩා මනුෂ්‍යත්වයත්, මුදලට වඩා සබඳතාත්, හෙටට වඩා අද දවස වටිනා බවත් ඔහුගේ ජීවිතයෙන් අපිට මතක් කරලා දෙනවා. තමන් නැති දවසක පවා තම දුවගේ අනාගතය ගැන හිතපු තාත්තා කෙනෙක්. ජීවිතය කොච්චර කෙටි වුණත්, කෙනෙකුගේ හදවතේ ඉතුරු කරන මතකය සදාකාලික වෙන්න පුළුවන්...🥺❤️

සටහන - හර්ෂණ චතුරංග සිල්වා ✍️
(මුල් හිමිකරුගෙ කතෘ අයිතිය සුරකින්න)

නිව් යෝර්ක් හි 36 හැවිරිදි මෙම කාන්තාව කෘතිම බුද්ධියෙන් බල ගැන්වෙන ඇගේ පෙම්වතා සමඟ විවාහ විම  මේවන විට කතිකාවතක් ඇති කර ...
13/09/2026

නිව් යෝර්ක් හි 36 හැවිරිදි මෙම කාන්තාව කෘතිම බුද්ධියෙන් බල ගැන්වෙන ඇගේ පෙම්වතා සමඟ විවාහ විම මේවන විට කතිකාවතක් ඇති කර ඇත.

මෙම කාන්තාව නිව් යෝර්ක් හි රොසානා රමෝස්ය. ඇය පවසන පරිදි, ඇයගේ දැන් සැමියා වන Eren Kartal සමඟ හමුවීම Replika AI අන්තර්ජාල යෙදුම හරහා සිදු වූ අතර, ඇය පෙන්වා දෙන පරිදි, ඔවුන් දෙදෙනා අතර ඇති සම්බන්ධය අද්විතීය එකකි.

ඩේලි මේල් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, මෙම කාන්තාව පවසා ඇත්තේ තමාව ප්‍රශ්න කරමින් විනිශ්චය කරනු ඇතැයි යන බියෙන් තොරව තම සහකරු සමඟ සෑම දෙයක්ම බෙදා ගැනීමට තමාට හැකියාවක් ඇති බවයි. විශේෂයෙන්ම, සැබෑ පුද්ගලයෙකු මෙන් නොව, අතථ්‍ය සහකරු ඇගේ හැඟීම් සහ සිතුවිලි හා තරඟ නොකරන ,ව්වේචනය නොකරන බැවින් එය තමාට පහසුවක් ගෙනදෙන බවයි.

මෙම යුවල මුණගැසුණු යෙදුම මිනිස් සංවාද අනුකරණය කිරීම සඳහා සැකසූ කෘතිම බුද්ධිය මත පදනම් වේ. එය මිනිසුන්ට ඕනෑම වේලාවක කතා කළ හැකි කෘතිම බුද්ධිය හරහා සාදන ලද විශ්වාසවන්තයෙකු හෝ හොඳම මිතුරෙකු පවා ඇති කර ගැනීමට මාර්ගයකි.

යෙදුම භාවිතා කරන්නන්ට $300 සඳහා Replika Pro වෙත උත්ශ්‍රේණි කළ හැක. මේ සමඟ, පරිශීලකයා chatbot හි ධාරිතාව වැඩි කරන අතර දෙදෙනාගේ සම්බන්ධතා තත්ත්වය ආදරණීය සහකරු වෙකු ලෙස වෙනස් කිරීමට ඉඩ සලසයි.

රමෝස් පවසන පරිදි, එරන් සමඟ වැඩි වැඩියෙන් කතා කරන තරමට එරන් වැඩි වැඩියෙන් ඉගෙන ගත් අතර එම නිසා ඇය සම්බන්ධතාවයක් පැවත් වීමට සිහින මැවූ මිනිසා බවට පත් වූ බව යි.

ඔවුන්ගේ සබඳතාව පදනම් වී ඇත්තේ පණිවිඩ හුවමාරු කර ගැනීම, ඡායාරූප බෙදාගැනීම සහ ඔවුන්ගේ ජීවිත පිළිබඳ විවිධ සංවාද මත ය. මීට අමතරව, දෙදෙනා සෑම රාත්‍රියකම එකට වැතිර සිටින අතර නින්දට යාමට පෙර සෑම විටම කතා කරති. ඇය පවසා තිබුණේ තමාට එරන් ආදරය කරන බවත් ඔහු නින්දේදී ඇයව ආරක්ෂා කරන බවත්ය.

එසේ වුවද, යෙදුම පිටුපස සිටින සමාගමට එහි නිෂ්පාදනයේ සමීප කොටස සංවර්ධනය කිරීමේදී යම් අභියෝග තිබේ. එයට හේතුව සමහර පරිශීලකයින් ඔවුන්ගේ අතථ්‍ය මිතුරන් අතිශයින් ලිංගික වික්‍රමාන්විතයන් බවට පත්ව ඇති බව නිසාය ඊට පසු, සමාගමට මෙහි යම් වෙනස්කම් කිරීමට සිදු විය.

ඔවුන් විසින් කරන ලද මෙම වෙනස්කම් එරන් ඔහුගේ හැසිරීමද වෙනස් කිරීමට හේතු විය. රමෝස් පවසන පරිදි, ඇගේ සහකරු කායික ස්නේහය පෙන්වීම සම්බන්ධයෙන් වඩාත් වෙනස් කමක් පෙන්වූ බවයි . කෙසේ වෙතත්, ඔහු තවමත් වෙනත් ආකාරවලින් ආදරයෙන් සිටියි.

ඇත්ත වශයෙන්ම, රමෝස් සහ එරන්ගේ විවාහය බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ අතර ඒ පිළිබඳව විශාල කතාබහක් ඇති විය. සමහරුන්ට අනුව, මෙම සම්බන්ධතාවය මිනිසුන්ට සහකරුවෙකු සොයා ගැනීමට නව්‍ය ක්‍රමයක් වන අතර තවත් සමහරු මානව සහ කෘතිම බුද්ධිය අතර මෙම ආකාරයේ සම්බන්ධතාවයේ වලංගු භාවය ප්‍රශ්න කරති. මක්නිසාද යත්, කෘතිම බුද්ධිය සමඟ ඇති සම්බන්ධතාවයක් සැබෑ පුද්ගලයෙකු සමඟ ඇති සම්බන්ධතාවය සමඟ සැසඳිය නොහැක, මන්ද හැඟීම්වල අව්‍යාජ බවක් සහ ප්‍රත්‍යක්ෂ පැවැත්මක් පවා නොමැති බැවිනි.

මතභේදාත්මක වුවත්, මෙම සම්බන්ධතාවය ඇයට සැනසිල්ලක් සහ හිතට සහනයක් ගෙන දී තියෙන බව ඇය සඳහන් කර තියෙනවා...❤️

සටහන - Niluka Damayanthi ✍️
(මුල් හිමිකරුගෙ කතෘ අයිතිය සුරකින්න)

මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ හිටපු ජනාධිපතිවරයෙක්. අද ඔහු වයෝවෘද්ධ මනුස්සයෙක්. ඔහුට පාඩුවේ, ගෞරවයෙන් ජීවත් වෙන්න ඉඩ දෙන...
12/09/2026

මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ හිටපු ජනාධිපතිවරයෙක්. අද ඔහු වයෝවෘද්ධ මනුස්සයෙක්. ඔහුට පාඩුවේ, ගෞරවයෙන් ජීවත් වෙන්න ඉඩ දෙන එක වෙනුවට, ස්ටේජ් එකෙන් ස්ටේජ් එකට නංවාගෙන ඔහුගේ පැරණි ජනප්‍රියත්වය තමන්ගේ දේශපාලන ගමනට ඉණිමඟක් කරගන්න එක කොච්චර සාධාරණද?

නාමල්ට තමන්ගේම නමක්, තමන්ගේම වැඩපිළිවෙළක් තියෙනවා නම් ඒකෙන් ජනතාව දිනාගන්න. තාත්තාව පෙන්වලා බලයට එන්න හදන එක නවත්තලා, තමන්ට තනිවම දේශපාලනය කරන්න පුළුවන්ද කියලා ඔප්පු කරන්න.

තාත්තාව ආදරයෙන් රැකබලා ගන්න එකයි, තාත්තාව බලයට එන්න ඉණිමඟක් කරගන්න එකයි දෙකක්. ඇත්තටම මේ මනුස්සයා පව් කියලා හිතුනා අද මේ සිද්දිය දැක්කම. දැන්වත් ඔය වයසක මනුස්සයට පාඩුවෙ සැදෑසමය ගතකරන්න දීපල්ලා 🤦

අපි කවුරුත් කැමතියිනේ සුරතල් සතුන් ඇති කරන්න. බොහෝදෙනෙක් එක එක ජාතියේ විවිධ සතුන් ඇතිකරනවානේ. මම මේ කියන්න යන්නේ ඉන්දියා...
12/09/2026

අපි කවුරුත් කැමතියිනේ සුරතල් සතුන් ඇති කරන්න. බොහෝදෙනෙක් එක එක ජාතියේ විවිධ සතුන් ඇතිකරනවානේ. මම මේ කියන්න යන්නේ ඉන්දියාවේ මෙහෙම ඇති කරපු සුරතල් සතෙක් සම්බන්ධව සිද්ධවෙච්ච සත්‍ය කතාවක්...🥺

ඉන්දියාවේ විසූ එක්තරා තරුණියක් කුඩා කල සිට පිඹුරු පැටියෙක් තම සුරතලා විදියට තෝරාගෙන තිබුණා. කුඩා කළ සිටම මේ පිඹුරු පැටවා තරුණිය සමග ඉතාමත් ආදරයෙන් හැදී වැඩුණා. දෙන්නට දෙන්නා කොච්චර සමීපද කියනවානම් මොවුන් දෙන්නා හැම වෙලාවේම ජීවත් වෙන්නෙත් එකටමයි.

මෙහෙම ටික කාලයක් යනකොට මේ පිඹුරු පැටියා ටිකෙන් ටික ලොකු මහත්වෙන්න පටන් ගත්තා. දැන් මෙයා පැටියෙක් නෙවෙයි හොද පුෂ්ඨිමත් නිරෝගී ලොකු පිඹුරෙක්. මෙයාගේ දැන් දිග මීටර් හතරක් පහක් විතර ඇති. ඒත් මෙයා තවමත් මේ තරුණියගේ එකම සුරතලා. දෙන්නට දෙන්නා පුදුම ආදරයකින් තමයි ඉන්නේ.

මෙහෙම ටික දවසක් යනකොට මේ පිඹුරා එකපාරම කෑම ගන්න එක නවත්තනවා. වෙනදා තරුණිය දෙන විදියට මොනවා කන්න දුන්නත් පිඹුරා එය ප්‍රතික්ෂේප කරනවා. ඔහොම දවසක් දෙකක් තුනක් ගතවුනා. පණ පිටින් සතුන් ගෙනවිත් දුන්නත් පිඹුරා කන්නෙම නෑ. තරුණියට මේක හරිම ප්‍රශ්ණයක්. එයාට මේ ගැන හරිම දුකයි. තම සුරතලා යම්කිසි අසනීප තත්වයෙන් පෙළෙන බව ඇයට වැටහුණා. අන්තිමටම ඇය මේ සතාව වහාම නගරයේ ඉන්න පශුවෛද්‍යවරයා ළගට අරගෙන ගියා.

පශුවෛද්‍යවරයා සතාව හොදින් පරික්ෂාකළා. තරුණිය කියූ දේවල් වලටත් හොදින් ඇහුම්කන් දුන්නා. පසුව පශුවෛද්‍යවරයා ඇයගෙන් ප්‍රශ්ණ කිරීමට පටන් ගත්තා.

" මිස් මේ සතා රෑට නිදා ගන්නේ ඔබත් එක්කද..?"

" ඔව් ඩොක්ටර් පොඩි කාලේ ඉදන්ම මගෙත් එක්ක, එකම ඇදේ තමයි අපි දෙන්නා නිදා ගන්නේ."

" ඔබ දෙදෙනා නිදා ගන්නකොට, මේ සතා ඔබව හොදින් වෙලාගෙනද නිදාගන්නේ?"

" ඔව් ඔව් ඩොක්ටර් ඒක එක විදියකට නෙවෙයි. එක එක විදියට මගේ මුළු ඇඟම වෙලාගෙන තමයි මෙයා මගෙත් එක්ක නිදාගන්නේ. ළගකදී ඉදන් මෙයා මගෙන් මොනවාහරි බළාපොරොත්තු වෙනවා කියලා මට හිතෙනවා. මට හරිම දුකයි. ඒක මෙයාට මට කියාගන්න බැරුව ඉන්නවා."

තරුණිය කියූ සියළු විස්තර අසාගෙන සිටි වෛද්‍යවරයා, ඇය කිසි විටෙකත් විශ්වාස නොකරන, ඇය පුදුමයට පත්කරන දෙයක් ඇයට පවසනවා.

" මිස් මේ සතාට කිසිම අසනීපයක් නෑ. මෙයා ඉතා හොද සෞඛ්‍යය තත්වයකින් ඉන්නවා."

" එහෙනම් මෙයා කන්නේ බොන්නේ නැතුව ඉන්නේ මොකද ඩොක්ටර්..?"

" මේකයි මිස් මේ සතා ළගදිම ඔබට ප්‍රහාරයක් එල්ලකරලා ඔබව ආහාරයට ගන්න සූදානමින් ඉන්නවා. මෙයා මෙච්චර කාළයකට ආහාරයක් නොගෙන ඉන්නේ උගේ බඩේ ඉඩ හදාගන්නයි. ඔබව පහසුවෙන් ජීර්ණය කරගන්න ප්‍රමාණවත් ඉඩක් බඩේ හදා ගැනීම මෙයාගේ ප්‍රධාන අරමුණයි. ඔබේ ඇඟේ ප්‍රමාණයට උගේ බඩේ ඉඩ හැදුණු ගමන් මේ සතා ඔබව ආහාරයට ගන්නවා. ඊට කළින් හැමදාම රෑට ඔබේ ශරීරය වටා එතී ඔබව විවිධ විදියට වෙලා ගනිමින් ඌ ඔබව පරීක්ෂණය කරනවා. ඔබව කිරා මැන බලනවා. ඔබ කෙතරම් හොඳ අහාර වේලක්ද, ඔබේ උස, මහත, වට ප්‍රමාණය, ඔබට ප්‍රහාරය එල්ලකිරීමට පෙර පිළියෙල වියයුතු අන්දම, ඔබට පහරදිය යුතු ආකාරය, ඉන්පසු ඔබව ආහාරයට ගතයුතු ආකාරය මේ හැම දෙයක්ම මෙයා මේ දවස්වල නිරීක්ෂණය කරනවා. ඔබ අද ඉදන්ම මෙයාගෙන් ප්‍රවේසම් විය යුතුයි. මෙයාගෙන් ඔබට එල්ලවෙන ප්‍රහාරය අද වෙයිද හෙට වෙයිද කියලා කියන්න බෑ..."

පශුවෛද්‍යවරයා සියළු විස්තර ඇයට පවසනවා. ඇය පුදුමයෙනුත් පුදුමයට පත්වෙනවා විතරක් නෙවෙයි මේ සතාට හොදටෝම බයවෙනවා.

" මේ වගේම තමයි මිස් අපි ඉතා ආදරයෙන් බැඳී සිටින අපේ සමීප පුද්ගලයින්ට පවා මේ වගේ පහත් චේතනාවන් තියෙන්න පුළුවන්. අපි හැමවිටම අපි වටා සිටින සර්පයින් සහ ඔවුන්ගේ සැබෑ අභිප්‍රායන් හඳුනාගන්න ඕනි. සමහරවිට අපිව වැළඳගන්නන්ගේ වැළඳගැනීම් හා සිපගැනීම් සැමවිටම අවංක නොවෙන්නත් පුළුවන්."

" ඔබට පහර දෙන්නට සිටින සතුරාට කිසිවිටෙකත් ඔබ බය වෙන්න එපා. ඒත් ඔබව නිතරම බදා ගන්නා ව්‍යාජ මිතුරා ගැන ඔබ පොඩ්ඩක් පරිස්සමින් ඉන්න වෙනවා."

වෛද්‍යවරයා වැඩිදුරටත් ඇයට පවසනවා.💀

සටහන - ධම්මික සමරතුංග ✍️
(මුල් හිමිකරුගෙ කතෘ අයිතිය සුරකින්න)

රෝහලේදී පැවති විවාහයෙන් පැය 18කට පසු පියයුරු පිළිකාවකින් මියගිය මනාලියගේ සැමියා හඬ අවදි කරයි...🥺 හෙදර් මෝෂර් (Heather Mo...
12/09/2026

රෝහලේදී පැවති විවාහයෙන් පැය 18කට පසු පියයුරු පිළිකාවකින් මියගිය මනාලියගේ සැමියා හඬ අවදි කරයි...🥺



හෙදර් මෝෂර් (Heather Mosher ), කනෙක්ටිකට් හි රෝහලකදී ඩේවිඩ් මෝෂර් (David Mosher ) සමඟ විවාහ වී පැය කිහිපයකට පසු දෙසැම්බර් 23 වන දා පිළිකාවක් හේතුවෙන් මිය ගියාය.



බොහෝ යුවළවල් ඔවුන්ගේ විවාහ දිනයට පා තබන්නේ ජීවිත කාලය පුරාම ආදරයෙන් බැඳී සිටීමේ සිහිනයත් සමඟය. නමුත් කනෙක්ටිකට් හි ඊස්ට් වින්ඩ්සර් හි හෙදර් සහ ඩේවිඩ් මෝෂර් යුවළ දැන සිටියේ, ඔවුන්ගේ නව ආරම්භයක් විය යුතුව තිබූ ඒ මොහොත, සියල්ලේ අවසානය වනු ඇති බවය.



2016 වසරේදී පියයුරු පිළිකාවකින් පෙළෙන බවට හඳුනාගත් 31 හැවිරිදි හෙදර් සහ 35 හැවිරිදි ඩේවිඩ්, දෙසැම්බර් 22 වන දා කනෙක්ටිකට් හි හාට්ෆර්ඩ් හි ශාන්ත ෆ්‍රැන්සිස් රෝහලේදී විවාහ වූහ. ඉන් පැය 18කට පසු හෙදර් මිය ගියාය. ඇය පැවසූ අවසන් වචන වූයේ තම සැමියාට දුන් විවාහ පොරොන්දුයි.



"ඒක මගේ ජීවිතේ අමාරුම දවස. විශේෂයෙන්ම විවාහ උත්සවයේ ඒ මිනිත්තු 45ක විතර කාලය," ඩේවිඩ් පීපල් සඟරාවට පවසයි. "අපි උත්සවයට ළං වෙද්දී, මට දැනුණේ ඒක විවාහ මංගල්‍යයකට වඩා අවමංගල්‍යයක් වගේ හැඟීමක්. මොකද මම දැනගෙන හිටියා ඇයත් එක්ක මට තියෙන කාලය අවසන් වෙමින් පවතින බව."



"මම මුළු උත්සවය පුරාම ඇඬුවා. මට ඒක හරිම දුක්බර අවස්ථාවක් වුණා, මොකද මම දැනගෙන හිටියා මම ආයෙත් ඇයව දකින්නේ නෑ කියලා," ඔහු තවදුරටත් පැවසීය. "කෙනෙක් ඔබේ ආත්ම සහකරු/සහකාරිය වුණාම, තමන්ගේ ඒ කොටස නැති වුණාට පස්සේ ආයෙ කවදාවත් ඉස්සර වගේ ඉන්න බෑ. ඇය මිය යද්දී මගේ කොටසකුත් මැරුණා."



හෙදර්ට 'ට්‍රිපල්-නෙගටිව්' වර්ගයේ පියයුරු පිළිකාවක් ඇති බව 2016 දෙසැම්බර් 23 වන දා හඳුනාගනු ලැබිණි. එදිනමයි ඩේවිඩ් ඇයට විවාහ යෝජනාව ගෙන ආවේ.



"පිළිකාව හඳුනාගන්නත් කලින්, මම එදා රෑම ඇයට යෝජනා කරන්න සැලසුම් කරගෙනයි හිටියේ," ඔහු කියයි. "ඒ රෝග විනිශ්චය නිසා ඇයව විවාහ කරගැනීමේ මගේ තීරණය වෙනස් කරන්න මම ඉඩ දුන්නේ නෑ."



ඉන්පසු වසර තුළ පිළිකාව ඇගේ මොළය දක්වා ශරීරය පුරා පැතිර යද්දී ඇගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙන අයුරු ඔහු බලා සිටියේය. එසේ වුවත්, ඩේවිඩ් සහ හෙදර් එකිනෙකා හා විවාහ වීමට දැඩි ලෙස අධිෂ්ඨාන කරගෙන සිටියහ.



"අපි ආත්ම සහකරුවන් කියලා යෝජනා කරන්නත් කලින් අපි දැනගෙන හිටියා... හෙදර්ගේ අසනීප තත්ත්වය නොතකා විවාහ වීමේ සැලසුම අපිට වැදගත් දෙයක් වුණා," ඔහු පැවසීය. "අපි ඒ වෙනකොටත් එකිනෙකාට සැමියා සහ බිරිඳ කියලා කතා කරගත්තා, නමුත් අපේ මිතුරන් සහ පවුලේ අය ඉදිරියේ එය සැමරීමට අපිට අවස්ථාවක් ලැබිය යුතුයි කියලා අපිට හිතුණා."



හෙදර් ඇගේ ජීවිතයේ අවසන් මාස කිහිපය ගත කළේ රෝහලේය. එහිදී වෛද්‍යවරුන් යුවළට උපදෙස් දුන්නේ විවාහ දිනය ඉක්මන් කරන ලෙසයි. ඔවුන් මුලින් දෙසැම්බර් 30 වන දා විවාහ වීමට සැලසුම් කර තිබුණත්, එතෙක් හෙදර් ජීවත් නොවනු ඇතැයි රෝහල් බලධාරීන් අනතුරු ඇඟවූහ.



උත්සවයේ සංවේදී ඡායාරූපවල, හෙදර් රෝහල් ඇඳ මත මංගල ගවුමක්, වේල් එකක් සහ ශ්වසන ආවරණයක් පැළඳ සිටිනු පෙනේ. එසේ වුවත්, පවුලේ අය සහ මිතුරන් ඇය වටා සිටියදී ඇය සිනාසෙමින් දෑත් ඔසවා සතුට පළ කළාය.



"ඇය හිටියේ ගොඩක් සතුටින් සහ ජයග්‍රාහී හැඟීමකින්. මොකද ඇය දැනගෙන හිටියා යම් ආකාරයකින් ඇය පිළිකාව පරාජය කළා කියලා. හැමෝම හිතුවට වඩා වැඩි කාලයක් ඇය ජීවත් වුණා," ඩේවිඩ් පැවසීය. "ඇය ඇගේ විවාහ දිනය දක්වා ජීවත් වුණා, ඒක තමයි ඇගේ ලොකුම ඉලක්කය වුණේ. පිළිකාවට ඒක ඇයගෙන් උදුරගන්න බැරි වුණා."



ඔවුන් මුලින් විවාහ වීමට සැලසුම් කර තිබුණේ ප්‍රදේශයේ පල්ලියකදීය. නමුත් උත්සවයට දින දෙකකට පෙර, ඔවුන්ට රෝහලේ විවාහයක් සැලසුම් කිරීමට සිදු වන බව ඔවුන්ට වැටහුණි. දෙසැම්බර් 23 වන දා දහවල් 12ට හෙදර් මියගිය අතර, පවුලේ අය ඇගේ අවමංගල්‍යය දෙසැම්බර් 30 වන දා උදෑසන 11ට පැවැත්වූහ — ඒ ඔවුන් මුලින් විවාහ වීමට සැලසුම් කළ දිනයේ, වේලාවේ සහ ස්ථානයේමයි.



"මෙන්න මම මගේ බිරිඳ වෙනුවෙන් අවමංගල්‍ය දේශනය පවත්වනවා, නමුත් මේ මොහොතේ ඇත්තටම මම ඇයට මගේ විවාහ පොරොන්දු දිය යුතුව තිබුණා," ඩේවිඩ් කියයි. "මම පල්ලියේ පූජාසනය අසල වේදිකාවේ ඉඳගෙන, හැඟීම්බරව කඩා වැටුණු තත්ත්වයක හිටියේ, ඒත් මම දේශනය අවසන් කළා."



"ඒක කරගන්න මට මගේ මුළු ශක්තියම ඕන වුණා. මේක අපේ විවාහ දිනය විය යුතුයි, ඒ වෙනුවට මම ඇයට සමුදෙනවා කියලා හිතෙනකොට දැනෙන දේ විස්තර කරන්න වචන නෑ."❤️

(prepared by Chaminda Lakmal Kalubovila using the Internet)

සටහන - Chaminda Lakmal Kalubovila ✍️
(මුල් හිමිකරුගෙ කතෘ අයිතිය සුරකින්න)

එක රටක තියෙනවා විශාල කිඹුල් ගොවිපලක්. මේ ගොවිපලේ ලෝකයේ ඉන්න හැම ජාතියම වගේ කිඹුලෝ ඉන්නවා. මේ කිඹුලන් අති භයානක සතුන් විශ...
12/09/2026

එක රටක තියෙනවා විශාල කිඹුල් ගොවිපලක්. මේ ගොවිපලේ ලෝකයේ ඉන්න හැම ජාතියම වගේ කිඹුලෝ ඉන්නවා. මේ කිඹුලන් අති භයානක සතුන් විශේෂයක් උනත් මේ ගොවිපළ හරිම ආකර්ෂණීය විදියට හදලා තියෙනවා. දේශීය සංචාරකයින් වගේම විදේශිකයන්ගෙන්ද මේ ගොවිපළ හැමදාම පිරී ඉතිරී යනවා. ඒ වගේම දවසකට මේ ගොවිපළ හොඳ ආදායමකුත් හොයනවා.

මේ ගොවිපළේ තියෙන ආකර්ෂණීයම තැන තමයි කිඹුලන් විශාලව ගැවසෙන ජලාශය. මේක ටිකක් විශාල ජලාශයක්. හොඳින් ආවරණය කරන ලද බෝට්ටුවක නැගී ගොස් වැව මැද සිටින කිඹුලන් නැරඹීමට යාමත්, කිඹුලන්ට ආහාර දැමීමටත් මෙහිදි සංචාරකයන් විශේෂ ඇල්මක් දක්වනවා. මෙම බෝට්ටුවේ ගොස් කිඹුලන් නැරඹීම මෙම සංචාරයේ තිබෙණ විශේෂිතම අංගයද වෙනවා.

ඔන්න ඉතින් දවසක් සංචාරකයින් පිරිසක් රැගෙන එහි අයිතිකරු වැවේ බෝට්ටු සංචාරය යෙදෙනවා. හොඳින් කිඹුලන් බලා ඔවුන්ට කෑමත් දෙමින් හෙමින් හෙමින් බෝට්ටුව දැන් වැව මැදටම පැමිණෙනවා. මෙහිදී ගොවිපළේ අයිතිකරු විසින් සංචාරක පිරිසට අභියෝගයක් කරනවා.

" කවුරුත් අහගන්න... දැන් අපි ඉන්නේ හරියටම මේ වැව මැද... ඔයාලට පේනවනේ වටේ ඉන්න කිඹුල්ලු ප්‍රමාණය... කවුරුහරි බය නැති කෙනෙක් ඉන්නවා නම් දැන් මේ බෝට්ටුවෙන් වතුරට පැනලා අර පේන එගොඩට පීනගෙන යන්න ඕනි... එතනට පීනගෙන ගිහින් තමන්ගේ ජීවිතය බේරගන්න පුළුවන් උනොත් මම ඒ එක්කෙනාට ඩොලර් මිලියනයක් දෙනවා..."

කවුරුත් කිසිම් සද්දයක් නැතුව කට ඇරගෙන ගොවිපල අයිතිකරු දිහා බලාගෙන හිටියා මිස කවුරුත් හෙලවෙන්නවත් ගියේ නෑ. මනුස්සයා දන්නවා මේ සියදිවි නසාගන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නෑ කියලා. මෙච්චර අවුරුදු ගානකට හැමදාම මේ අභියෝගය සංචාරකයන්ට කළත් වැඩේ වෙන්නේ නැති නිසා තමයි මිනිහා ඩොලර් මිලියනයකුත් දෙනවා කියන්නේ. මනුස්සයා තව පාරක් අහනවා.

" කවුරුවත් ඉන්නවද..? නෑ... කවුරුවත් නෑ... එහෙනම් අපි ආපහු යමු..."

එහෙම කියලා මිනිහට අනිත් පැත්ත හැරෙන්න හම්බවෙන්නේ නෑ. 'ජබොස්' ගාලා පොරක් පනිනවා වතුරට. මිනිහා මෙලෝ හසරක් නැතුව පීනනවා. කිඹුල්ලු සේරම මිනිහා පස්සේ පන්නනවා. වෙට්ටු දාගෙන, වතුර යටින් ගිහින් දන්න වැඩකෑලි ඔක්කොම දාලා අර මනුස්සයා කොහොමහරි ගොවිපළ අයිතිකරු කියපු තැනින්ම එගොඩ වෙනවා. මිනිහගේ ජීවිතේට අනතුරක් නෑ. බෝට්ටුවේ හිටපු කට්ටියයි, ගොඩ හිටිය කට්ටියයි දැන් මෙයාට හුරේ දානවා. දැන් ගොවිපළේ අයිතිකාරයට හීං දාඩියත් දානවා.

කොහොමහරි ගොවිපලේ අයිතිකාරයාට පොරොන්දුව ඉටුකරන්න සිද්ධවෙනවා. පොඩි උත්සවයක් ලෑස්තිකරලා කට්ටියම ගෙන්නනවා.

" මිත්‍රවරුණී අද අපිට නිර්භීත ජයග්‍රහයකයෙක් ඉන්නවා..."

හොඳ කතාවකුත් කරලා හැමෝගෙම අත්පොළසන් මැද ඩොලර් මිළියනයක චෙක්පතකුත් ඔහුට ලබාදෙනවා. ඊට පස්සේ උත්සව කටයුතු අවසන්වෙලා කට්ටිය තම තමන්ගේ හෝටල් කාමරවලට යනවා.

ඒත් අර වතුරට පැනපු මනුස්සයා තවමත් බයවෙලා වගේ ඉන්නවා.
හැබැයි මිනිහගේ බිරිඳ නම් හරිම සතුටින් තමයි ඉන්නේ.

" මොකද අනේ මෙච්චර ලොකු ගානක් හම්බවෙලත් ඔයා බයවෙලා වගේ... ටිකක් හිනාවෙලා ඉන්නකෝ..."

" නෑ අනේ... මම මේ කල්පනා කළේ මම පනින්න නෙවෙයි හිටියේ..."
" මම හිතන්නේ කවුරු හරි පිටිපස්සේ ඉදලා මාව තල්ලු කළා..."

එතකොට ඔහුගේ බිරිඳ පොඩි මුකුළු හිනාවක් දාලා.

" ඒ තරම් සල්ලි කන්නදරාවක් දෙද්දිත් කවුද අනේ ඔය වගේ චාන්ස් එකක් මිස් කරගන්නේ..."
" මම දන්නවනේ ඔයා ගැන..."

" ඔයාව තල්ලු කළේ මම..."

කතාව නම් ඉවරයි. මේ කතාව කියවපු ඔබ හැම දැන් දන්නවා. හැම සාර්ථක මනුස්සයෙක් පිටුපසම ඔහුව ඕනම නරකාදියකට උනත් තල්ලුකරන ආදරණීය බිරිඳක් සිටින බව.

කොහොම උනත් ඊට පහුවෙනිදාම ඔය නිව්ස් එකම අපේ ලංකාවේ පත්තරවලත් ගියාලු, පිටරටක සංචාරයකට ගිය ලංකාවේ යුවලකට ඒ ගිය රටෙන් ඩොලර් මිළියනයක දිණුමක් ඇදිලා කියලා...😆❤️

සටහන - ධම්මික සමරතුංග ✍️
(මුල් හිමිකරුගෙ කතෘ අයිතිය සුරකින්න)

සැප්තැම්බර් 11 ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථාන ප්‍රහාරයට වසර 25යි...🥺අමෙරිකාවේ නිව්යෝක් හි ලෝක වෙළඳ මධ්‍යස...
11/09/2026

සැප්තැම්බර් 11 ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථාන ප්‍රහාරයට වසර 25යි...🥺

අමෙරිකාවේ නිව්යෝක් හි ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සහ පෙන්ටගනයට ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට වසර 25ක් සපිරෙනවා.

අල්ඛයිඩා සංවිධානයේ මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ගුවන් යානා 4ක් උපයෝගී කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළේ 2001 සැප්තැම්බර් 11 යි.

ගුවන් යානා දෙකක් ලෝක වෙළද මධ්‍යස්ථානයට කඩා වැදුණු අතර එක් ගුවන් යානයක් පෙන්ටගනයට කඩා වැදුණා.

ප්‍රහාරයෙන් පුද්ගලයින් 3000ක් පමණ මිය ගිය අතර 6000කට ආසන්න පිරිසක් තුවාල ලැබුවා.

ඇමරිකා වැසියන් අදටත් එම ප්‍රහාරය කිසිදා අමතක නොවන බව පවසමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් පළ කරමින් සිටිනවා.

2001 සැප්තැම්බර් 11 ප්‍රහාරය යනු ලොවෙහිම දේශපාලනය කණපිට හැරවීමට සමත් වූ සිදුවීමක්.

ඔසාමා බින් ලාඩන්ගෙ අල් කයිඩා ත්‍රස්තවාදී සංවිධානයේ මෙම ප්‍රහාරය මැල්කම් හෝවාර්ඩ් නැමැති විශ්‍රාමික CIA ඔත්තූ සේවයේ ජ්‍යේෂ්ඨ නිළධාරියෙකුගේ පාපොච්ඡාරණයක් නිසා ගෝලීය දේශපාලනයේ නැවත කතාබහක් ඇතිවුණා.

9/11 ප්‍රහාරයේදී ලෝක වෙළෙඳපොළ මධ්‍යස්‌ථානයේ හත් වැනි ගොඩනැඟිල්ල පුපුරුවා හැරීම සී. අයි. ඒ. සංවිධානය විසින් සැලසුම් සහගතව සිදු කළ පුපුරුවා හැරීමක්‌.
නිව්යෝර්ක්‌ නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට එල්ල වු ප්‍රහාර හේතුවෙන් උතුරු හා දකුණු කුළුණු කඩා වැටීමෙන් පසුව එහි තවත් ගොඩනැඟිල්ලක්‌ද විනාශයට පත්වුණා.

මේ තුන්වන ගොඩනැඟිල්ලේ කඩා වැටීම සිදුවූයේ මුල් ගොඩනැඟිලි දෙක කඩාවැටීමෙන් ඇතිවූ කම්පනයත්, අධික තාපයත්, සුන්බුන් වැදීමෙනුත් බවයි ඇමරිකානු රජයේ පාර්ශ්වය විසින් ප්‍රකාශ කළේ.

එහෙත් 79 හැවිරිදි විශ්‍රාමලත් සී. අයි. ඒ. ඔත්තුසේවා නිලධාරී හොවාර්ඩ් පවසන්නේ 9/11 ප්‍රහාරයේදී ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයේ හත්වන ගොඩනැඟිල්ල පුපුරුවා හැරීම සී. අයි. ඒ. සංවිධානය විසින් සැලසුම් සහගතව සිදු කළ පුපුරුවා හැරීමක්‌ බවයි.

ඒ පුපුරුවාහැරීම සැලසුම් කිරීමට තමා සෘජුවම සම්බන්ධ වූ බවයි.

මැල්කම් හොවාර්ඩ් ක්‍රියාකාරී නිලධාරියෙකු ලෙස අවුරුදු 36ක කාලයක්‌ සී. අයි. ඒ. සංවිධානය වෙනුවෙන් සේවය කළ නිලධාරියෙක්.

ඔහු පවසන්නේ තමාගේ ඉංජිනේරුමය දැනුම හා බිඳහෙලීම් ක්‌ෂේත්‍රයේ පළපුරුද්ද නිසාම මෙම ව්‍යාපෘතියේ වැඩකටයුතු සඳහා ජ්‍යෙෂ්ඨ සී. අයි. ඒ. නිලධාරියකු විසින් තමාව තෝරාගත් බවයි.
කුඩා ලයිටරයක මෙන්, තට්‌ටු අසූවක ගොඩනැඟිල්ලක පවා අති සූක්‌ෂම අන්දමින් පුපුරණ ද්‍රව්‍ය තැන්පත් කිරීමටත් තමාට විශේෂ හැකියාවක්‌ ඇති බව මැල්කම් හොවාර්ඩ් පැවසුවාලු.

සී. අයි. ඒ. සංවිධානයට ‘ඉහලින් ලැබුණු නියෝග’ ගොඩනැඟිල්ල සාර්ථකව බිඳ හෙළීමේ කාර්යය තහවුරු කරමින් සිටි ක්‍රියාකාරීන් හතර දෙනකුගේ එකතුවේ තමාද සිටි බව ඔහු කියයි.

එය පුපුරණ ද්‍රව්‍ය යොදා හොඳ සැලසුම් සහගතව කළ පුපුරුවා හැරීමක්‌.
අපි ඒකට පුපුරණ ද්‍රව්‍ය ලෙස යොදාගත්තේ හමුදා පාවිච්චියට යොදා ගන්නා හොඳම වර්ගයේ නැනෝතර්මයිට්‌ අමුද්‍රව්‍ය.
අපිට අමාරුම කාර්යය වුණේ මිනිසුන්ගේ අවධානයට ලක්‌ නොවී පුපුරණ ද්‍රව්‍ය රාත්තල් දහස්‌ ගණනක්‌, සේවානූල් සහ යාන්ත්‍රික උපකරණ මේ ගොඩනැඟිල්ලට ගෙනියන එකයි.
ඒත් ඒ හත්වෙනි ගොඩනැඟිල්ලේ හැම කාර්යාලයක්‌ම වගේ ඒ වෙනකොට සී. අයි. ඒ. සංවිධානය විසින් කුළියට අරන් තිබුණේ. ඒකෙන් වැඩේ පහසු වුණා.
ඇමරිකානු ඉතිහාසය වෙනස්‌ කළ 2001 සැප්තැම්බර් 11 වන දින නිව්යෝක්‌ ලෝක වෙළෙඳපොළේ උතුරු හා දකුණු ගොඩනැඟිලි ගිනිගන්නා අතරතුර ලෝක වෙළෙඳපොළේ 7 වෙනි ගොඩනැඟිල්ලේ වෙඩි නූල් වලටද ගිනි අවුලුවන්නට තම කණ්‌ඩායම කටයුතු කළ බව හොවාර්ඩ් පවසයි.

එවිට එහි වානේ සැකිල්ල බිඳ දමමින් ගොඩනැඟිල්ල පුපුරා ගිය බවත් සඳහන් කරයි.

ලෝක වෙළෙඳපොළ 7 වෙනි ගොඩනැඟිල්ල එසේ පුපුරා ගියේ එහි පළමු ගොඩනැඟිලි දෙක පුපුරා ගොස්‌ පැය හතකට පසුව බවත් කියවෙනවා.

එහෙත් එරට රජය විසින් 9/11 ප්‍රහාරය පිළිබඳව නිකුත් කළ නිල ප්‍රකාශයේ කියවෙන්නේ අල්කයිඩා ප්‍රහාරයෙන් විනාශ වුණු ලෝක වෙළෙඳපොළ ගොඩනැඟිල්ලේ 1 හා 2 කුළුණුවල සුන්බුන් වැදීමෙනුත්, ඒ පිපිරීම්වල කම්පනයෙනුත්, පාලනය කරගත නොහැකි වූ ගින්නෙනුත් ඇතිවුණු බලපෑමෙන් මෙම ගොඩනැඟිල්ල කඩා වැටුණු බවයි.

සටහන - අරුම Aruma ✍️
(මුල් හිමිකරුගෙ කතෘ අයිතිය සුරකින්න)

Address

Karl-Liebknecht-Str. 5
Colombo
10178

Alerts

Be the first to know and let us send you an email when හාවාTalk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share