03/09/2025
ජීවිතේ අපිට හදවතින්ම ආශිර්වාද කරන්නෙ අපි දැකලා වත් නැති මිනිස්සු 💕🥰
අපි හැමෝම ජීවිතේ ගොඩක් ප්‍රශ්න, කරදර, බාධක මැද්දෙ ජීවිත යාත්‍රාව පෙරලෙන්නෙ නැතුව ගෙනියන අය. 🤓
ජීවිතේ අපිට බාහිරින් එන ප්‍රශ්නත් එක්කම, තමන්ගෙමයි කියලා හිතාගෙන ඉන්න මිනිස්සු අපිට සලකන විදිය ගැන හිතුවම,
සමහර තැන් වලදි අපිට ගොඩක්ම ජීවිතේ අමාරු කරල තියෙන්නෙ අපි ලගින්ම ආශ්‍රය කරන අයමයි.
මනුස්සයෙක්ට බැදීම්, හිතවත්කම් තියෙන්න ඕනෙ ජීවිතේ පහසු කරන්න මිසක්, ජීවිතේ තවත් අමාරු කරන්න නෙවෙයි.
අපි කියන හැම වචනයකම, අපෙන් වෙන හැම අතපසුවීමකම ඇද හොයන්නෙ, අඩුපාඩු හොයන්නෙ අපි හිතවත් කියලා හිතාගෙන ලගින්ම තියන් ඉන්න මිනිස්සු.
වචනයක් වැරදුනත් ඒක අල්ලගෙන පැය ගනන් වාද කරන්නෙ අපි මානසික සහනය බලාපොරොත්තු වෙන මිනිස්සු.
අපෙන් අතපසුවීමක් උනොත් ඒක අල්ලගෙන අපිට රිද්දන්නෙ අපි පැය ගණන්, දවස් ගණන් කාලය කැප කරගෙන උදව් කරපු මිනිස්සු.
ඒත් අපිව කවදාවත් නොදැකපු සමහර මිනිස්සු අපිව හරි ලස්සනට අගය කරනවා..
බොරුවට හරි ලස්සනයි කියනවා...
අපේ අඩුපාඩු වෙනුවට පුංචි හොදක් හරි දැකලා ඒක අගය කරනවා.
ජීවිතේ අමාරුවෙන් අල්ලගෙන ඉන්න දවස් වල උනත්, ඒ පුංචි ආශිර්වාදය හෝ ස්තූති කිරීම අපිට ඉස්සරහට යන්න මහ මෙරක් තරම් ශක්‌තියක් ලබා දෙනවා..
ලෝකෙට පරකාසෙ, ගෙදරට මරගාතෙ වෙන ගොඩක් මිනිස්සු තමන් ලගින්ම ඉන්න අයව රිද්දලා, දුරින් ඉන්න මිනිස්සුන්ව බොරුවට හරි අගය කරනවා...
ඉතින් ඔයා මේ දෙජාතියෙන් කවුරු උනත්,
මතක තියා ගන්න අපි හැමෝම කුණාටු මැද අමාරුවෙන් හබල් ගාන අය...
ජීවිතේ ඕනම දෙයක් වෙනස් වෙන්න වැඩිකල් යන්නෙ නෑ.
අපි බාහිරට දෙන ශක්තියම අපිට ආපිට එනවා.
ඒ නිසා ඔයා වගේම අමාරුවෙන් හබල් ගාන තව මනුස්සයෙක්ගෙ මූණට හිනාවක්, හිතට සතුටක්, ජීවිතයට පහසුවක් ගේන්න විතරක් ඔයාගෙ ශක්තිය යොදවන්න.
මිනිස්සුන්ගෙ ජීවිත වල ඔයා ගැන ලස්සන මතකයක් ඉතිරි කරන්න 💕🥰
ලගම ඉන්න අයට ආදරෙන් කරුණාවෙන් සලකන්න 😍🥰💕
මගේ ජීවිතේ පහසු කරන්න ආශිර්වාද එකතු කරපු හැමෝටම වගේම මාට බැනපු ගහපු මාව ප්‍ර්තික්ශෙපකරපු ජීවිතේ අමාරුමකාලේ ලගින් හිටපු හා මාව අතහැරගිය ඔයාලා ඔකොටොම අනේක වාරයක් ස්තූතියි මොකද ඔයාලා මට කියලා දුන්නා ජීවිතයට ගැලපෙන දෙවල් හා නොගැලපෙන දෙවල් කොහොමද තොරගන්නේ කියලා
එනිසා අද මට මගේ ගමන යන්නඔන හරිමාර්ගය තේරුම් ගන්න පුළුවන් උනා
ඉතින් මන් නවතින්නම්
ඔයාලා හැමෝගෙම සියළු යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා 🙏🙏🙏
# #